උත්සව සමයේ වැට් බද්දත් සමගින් සහල්,බිත්තර,කුකුළු මස්,ගෑස් මිල අහසට..!

උත්සව සමයේ වැට් බද්දත් සමගින් සහල්,බිත්තර,කුකුළු මස්,ගෑස් මිල අහසට..!
Spread the love

වෙළඳපළේ කුකුළු මස් කිලෝවක මිල අද දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 30-50 අතර මුදලකින් කුකුළු මස් කිලෝවක් ඉහළ දැමීමට නියමිතව ඇත.

බොහෝ ගොවිපළ හිමියන් ඊයේ දිනයේදීම මෙම මුදල ඉහළ දමා ඇති බවද වෙලදුන් කියා සිටිති.

කිලෝවක් රුපියල් 1200ක මිලකට අලෙවි වූ කුකුල් මස් කිලෝවක තොග මිල නව මිල ගණන් යටතේ අද සිට රුපියල් 1250ක් දක්වා ඉහළ යනු ඇත.

මේ අතර බිත්තරයක මිලද රුපියල් 60 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබීම මත බිත්තර ඉහළමින් තිබෙන බවද වෙළදුන් කියා සිටිති.

මීළඟ ගෑස් මිල සංශෝධනයේදී විශාල මිල ඉහළ යෑමක් සිදුවුණු ඇති බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද වැට් බදු සංශෝධන පනත හේතුවෙන් මෙසේ ගෑස් මිල ඉහළ යාමට නියමිතව තිබේ.

මෙතෙක් ගෑස් සඳහා වැට් බද්ද අදාළ නොවුණද ඊයේ දිනයේ සිට ගෑස් සඳහා වැට් බද්ද අදාළ කර තිබේ.

ඒ අනුව ගෑස් සඳහා උපරිම 18%ක මිල වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය.

වෙළඳපළේ සම්බා සහල් කිලෝවක මිල රුපියල් තිහකින් වැඩි කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වෙයි.

මෙතෙක් රුපියල් 230කට පැවති සම්බා සහල් කිලෝවක් මේ දිනවල රුපියල් 250 දක්වා මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයන් කියා සිටිති.

මෙරට ප‍්‍රධාන සහල් සමාගමක් ද තම සහල් සම්බා සහල් කිලෝව 260 දක්වා මිල ඉහල දමා ඇති අතර තවත් සමාගමක් කිලෝවක් රුපියල් 245 දක්වාත් ඉහළ දමා ඇති බවද පවසති.

උත්සව සමය වන විට සම්බා සහල් කිලෝවක් රුපියල් 300කට ආසන්න වනු ඇති බවද පාරිභෝගිකයන් කියති.