අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උතුරු පලාතේ පිහිටි ප්‍රධාන ජලාශ වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇතිව තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් උතුරු පලාතේ පවුල් 1500 කට අධික පුද්ගලයින් 5000 කට අධික පිරිසක් විපතට පත්ව ඇතැයි ආපදාකලමනාකරන ඒ්කකයන් විසින් පෙන්වා දෙයි.
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පහත් බිම් රැසක ජනතාවට දැඩි ගංවතුර තත්වයක් ඇතිව තිබෙයි.
ඒමෙන්ම මුලතිව්හි විශාලතම වැව් වූ තණ්නිමුරිප්පු වැව ඇතුලු සියලු වැව් වාන් දැමීම හේතුවෙන් උතුරු පලාතේ වැඩිම පිරිසක් ගංවතුරින් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයෙනි.
මේ අනුව කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ කණ්ඩාවලෙයි සහ කරච්චි ප්‍රදේශයන්හි ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් පවුල් 730 කට අයත් පුද්ගලයින් 2357 දෙනෙකු විපතට පත්ව ඇතැයි කිලිනොච්චිය ආපදාකලමනාකරන ඒ්කකය පෙන්වා දෙයි.
ඒමෙන්ම මුලතිව් මැරටියන්පත්තු, පුදුකුඩිඉරිප්පු, මාන්තෙයි, තුනුක්කායි සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයන්හි පවුල් 790 කට අයත් පුද්ගලයින් 2710 ක් පුද්ගයින් විපතට පත්ව ඇතැයිද මුලතිව් දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒ්කකය විසින් පෙන්වා දෙයි.
මේ අතර පවතින වර්ෂාව තවමත් ඇදැහැලෙමින් පැවතීමත් වාන් ජලය වැඩිවීම හේතුවෙන් විපතට පත් ජනතාව දිනෙන් දින වැඩිවන බවටද විපතට පත් ජනතාව වෙනුවෙන් දිවා රාත්‍රී සහය වීම සඳහා යුදහමුදාවේ සහන සේවා කණ්ඩායම්ද කිහිපයක් යොදවා ඇතැයිද යුදහමුදාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ