උදයංග වීරතුංග පොහොට්ටුවේ ජනපති අපේක්ෂකා හෙළි කරයි

උදයංග වීරතුංග පොහොට්ටුවේ ජනපති අපේක්ෂකා හෙළි කරයි
Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ‍රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්ව වෙමිනි.

ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙවන විට රාජපක්ෂලාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බවද උදයංග කීවේය.

විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස විසින් පිහිටුවන ලද සර්වජන බලය කණ්ඩායමද ළඟදීම පොදු ජන පෙරමුණ වේදිකාවට එක්වනු ඇති බව කී ඔහු පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව ද කීවේය.