ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව 2024 මාර්තු මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අප්‍රේල් මාසය සඳහා 2.7% ක් දක්වා වැඩි වී ඇත.
2024 මාර්තු මාසයේ දී 5.0% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් දක්වා අඩු වී ඇත.
එමෙන්ම, 2024 මාර්තු මාසයේ දී 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් දක්වා වැඩි වී ඇත.