උසස් පෙල ජනවාරිය පුරාම..!

උසස් පෙල ජනවාරිය පුරාම..!
Spread the love

අ.පො.ස උසස් පෙළ 2023 විභාගය 2024 ජනවාරි 4 දින ආරම්භ කර ජනවාරි 31 තෙක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍රය හා කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා සිය පාසල් ප්‍රධානීන් වෙතද පුද්ගලික අයදුම්කරුවන් සඳහා සිය පුද්ගලික ලිපිනයන් වෙතද තැපැල් කල බවද විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කල නිවේදනයේ සඳහන් කරයි.

ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් නොලද අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ w.w.w.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගැනීමට හැකිබවද ප්‍රවේශපත්වල සංශෝධන සිදුකර ගැනීම සඳහා මෙම දෙසැම්බර් මස 19 දා රාත්‍රි 12.00 දක්වා එක් වරක් පමනක් http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස සිදුකර ගත හැකිබවද විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන් වෙත දන්වා සිටී.

එමෙන්ම රජයේ පාසලක ඉගෙනුම ලබමින් සිටින සිසුන් පුද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීම විභාග නීති රීති අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

– ජයරත්න ඉඳුරුවගේ