එජාපයට පණ දෙන්න ‘රනිල්‘ යළිත් පුරුදු සෙල්ලම අරඹයි !

එජාපයට පණ දෙන්න ‘රනිල්‘ යළිත් පුරුදු සෙල්ලම අරඹයි !
Spread the love
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමටත්, පක්ෂය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කරුණු සොයා බලා නිර්දේශ කිරීමට එජාප පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කළ බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප සභාපතිවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් එම කමිටුවට පත්කළ බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.

මේ අතර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එජාප නායකයා විසින් මීට පෙර ද මෙවැනි කමිටු කිහිපයක් පත්කළ බවයි. ඒ අනුව එන්.ජී.පී. පණ්ඩිතරත්න කමිටුව, පිටිපන කමිටුව, මනෝ – මලික් කමිටුව, කරු ජයසුරිය ප්‍රමුඛ නායකත්වය මණ්ඩලය සහ රුවන් විජේවර්ධන කමිටුව යනුවෙන් කමිටු කිහිපයක් පත් කිරීමටත් මීට පෙර එජාප නායකයා පියවර ගත් බව ඔවුහු පෙන්වා දෙති.

‘මේ කිසිම කමිටුවක යෝජනාවක් එජාප නායකයා විසින් ක්‍රියාත්මක කළේ නැහැ. එහි ප්‍රතිඵල අපි පසුගිය මහ මැතිවරණයේදී දැක්කා. ඒ නිසා දැන් පත්කර ඇති අලුත් කමිටුවත් කිසිවක් කරයි කියලා අපට විශ්වාසයක් නෑ“ එජාප ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.