එන්නත්කරණය අයාලේ – රටට ඇත්ත කියන්න – GMOA රජයට කියයි

එන්නත්කරණය අයාලේ – රටට ඇත්ත කියන්න – GMOA රජයට කියයි
Spread the love

කොවිඩ්-19 අවදානම් මට්ටම්වල 4 වැනි මට්ටමට රට පත්ව ඇති බව ප්‍රකාශ කර එම මට්ටමට අනුව ගත යුතු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (16) නිකුත් කළ නිවේදනයක් මගින් රජයෙන් ඉල්ලා සිටී.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින එම සංගමය පවසන්නේ ඊට අදාළ පියවර කොවිඩ් කාර්ය සාධක බළකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එන්නත්කරණ ක්‍රියාවලිය ද විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව සිදුවන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ නිවේදනය මෙසේය.