කතරගම දේවාලයේ තව කපුවෙක් දේවාලයට පැන සල්ලි හා රත‍්‍රං තොගයක් අරන් දුවයි..!

කතරගම දේවාලයේ තව කපුවෙක් දේවාලයට පැන සල්ලි හා රත‍්‍රං තොගයක් අරන් දුවයි..!
Spread the love

කතරගම මහා දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු පසුගිය දිනක දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි බැතිමතුන් විසින් පූජා කර තිබූ මුදල් හා රත්රන් තොගයක් නිවසට රැගෙන ගොස් ඇත.

මේ පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ කපුවා විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයට පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමකට ලක්ව සිටි අයෙකි.

කතරගම දේවාලයේ බස්නායක නිලමෙවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත ම විමර්ශන ආරම්භ කර ඇත