ක්ලබ් වසන්ත ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් තවත් හෙළිදරව්වක්

ක්ලබ් වසන්ත ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් තවත් හෙළිදරව්වක්
Spread the love

ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී ඊයේ (08) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වන විට ටැටූ ෂොප් හි හිමිකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි.එම ප්‍රකාශ අනුවත් විමර්ශන නිලධාරින් ඉදිරි විමර්ශන කරමින් සිටින බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. කිසිදු පුද්ගලයෙකු මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැතැයි ද කීවේය.

ඊයේ (ජුලි 08) බුලත්සිංහල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගෙන තිබෙන බවත් මේ වෙඩි තැබීම විදෙස් රටක සිට සැලසුම් කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.