කාබනික ගොවිතැන රිවස් කරනවාද ? නැද්ද ? ජනපති සමග තීරණාත්මක සාකච්ඡාව හෙට

කාබනික ගොවිතැන රිවස් කරනවාද ? නැද්ද ? ජනපති සමග තීරණාත්මක සාකච්ඡාව හෙට
Spread the love

වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම හෙට (22) පෙරවරුවේ සාකච්ඡා කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා අද (21) පැවසූ බව ලංකාදීප ඊ පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා සමඟ එම සාකච්ඡාව හෙට පෙරවරු 10.30 ට පැවැත්වෙන බවත් තුන්වැනි සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයන කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීම නියමිත බව ද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළ බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

කාබනික වගාවට එකවර යා නොහැකි නිසා කන්න තුනකදී සියයට 100 ක් කාබනික වගාවට යන්න බලාපොරොත්තු වන බවත් පළමු සහ දෙවැනි කන්නවලට වල්, කෘමි සහ දිලීර නාශකවල සහයෝගය අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.