කාබනික දියර පොහොර ලීටර් ලක්ෂ 80ක් ගොවීන්ට දුන්නා – රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර

කාබනික දියර පොහොර ලීටර් ලක්ෂ 80ක් ගොවීන්ට දුන්නා – රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර
Spread the love

කාබනික දියර පොහොර ලීටර් මිලියන අටකට අධික ප්‍රමාණයක් සහ කාබනික පොහොර ටොන් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් ගොවීන් අතර බෙදා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

සූම් හරහා පැවති හරිත කෘෂිකර්මාන්තයක් සදහා වන කාර්ය සාධක බළකා රැස්වීමේදී වත්මන් පොහොර ගැටලුව සහ කාබනික දියර පොහොර සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

පොහොර සඳහා ඇති ඉල්ලුම වැඩිවීම මෙන්ම සැපයුම අඩාල වීම ඇතැම් විට ප්‍රමිතිය පිළිබඳ ගැටලුවලට තුඩු දෙන බව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

කෙසේ වෙතත් කාබනික ගොවිතැන සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දිවයින පුරා කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් මේ වන විට පුද්ගලයින් 85 දෙනෙකු තෝරාගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය