කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..
Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙනය. 

ඒ අනුව ටොන් 1,200,000 වන ජාතික පොහොර අවශ්‍යතාවය රටතුලම නිෂ්පාදනය කළ යුතු අතර ඒ සඳහා මේ වනවිටත් එම කර්මාන්තයේ යෙදී සිටින හා එම කර්මාන්තයට පිවිසීමට බලාපොරොත්තු වන දේශීය ව්යසවසායකයන්ව දිරි ගැන්වීමේ අරමුණින් යුතුව “සශ්‍රීක” නමින් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීම ඊයේ දින( 2021.06.03) ලංකා බැංකු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුවිය. කාබනික පොහොර නිෂ්පාදකයන්ට ඔවුන්ගේ කර්මාන්ත වැඩි දියුණු කරගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන අතර වසර 10 ක් හා රුපියල් මිලියන 200 ක් දක්වා මෙම ණය පහසුකම් ලබාගත හැක.

ශ්‍රී ලාංකික ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී සුරක්ෂිත රටක් ගොඩ නැගීම වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ජනාධිපතිතුමන් ගත් තීරණය අද නොව හෙට දිනය ගැන සිතා ගත් තීරණයක් බැවින් ජාතික වගකීමක් සේ සිතා අප සියලුම දෙනා මේ මොහොතේ එක්ව කටයුතු කළයුතු බව කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහ රජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්.රණසිංහ මහතා, ලංකා බැංකු සභාපති නීතීඥ කාංචන රත්වත්තේ මහතා , ලංකා බැංකු ප්‍රධාන කළමණාකරු සුගත් ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.