කුසල්ට සහ බිනුරට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි

කුසල්ට සහ බිනුරට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි
Spread the love

උරහිසේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවදුරටත් සුව අතට පත්නොවීම හේතුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහිව තවත් දින දෙකකින් ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.

එංගලන්ත තරග සංචාරය අතරතුරදී හටගත් එම උරහිසේ ආබාධය හේතුවෙන් තෙවැනි තරගයට කුසල් ක්‍රීඩා කරන ලද්දේද වේදනා නාෂක ලබා ගැනීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් එම ආබාධිත තත්ත්වය හේතුවෙන් ඔහු ඊයේ වන තෙක් පැවැති පුහුණු සැසිවලදී ක්‍රීඩාංගණයට හෝ පැමිණීමෙන් වැළකී සිටියේය.

මේ අතර ඊයේ (15 වැනිදා) සිදුකරන පුහුණුවීම් අතරතුරදී වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුද වළලුකර ආශ්‍රිතව ආබාධයකට ගොදුරුවිය. පරීක්ෂණ වලට අනුව ඔහුගේ වළලුකර ආශ්‍රිතව අස්ථි බිඳීමකට ලක්ව තිබෙන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔහුටද ලබන 18 වැනිදා සිට ආරම්භ වන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.PREVIOUS POST