කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක සහ දික්වැල්ල ‘ජෛව බුබුළ බල්ලට දාලා මහ රෑ පාරට බැහැලා‘

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක සහ දික්වැල්ල ‘ජෛව බුබුළ බල්ලට දාලා මහ රෑ පාරට බැහැලා‘
Spread the love

එංගලන්තය සමග පැවැති 20 විස්ස තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නින්දා සහගත පරාජයක් ලැබුවා. ඒත් ඒක අලුත් දෙයක් නොවන්නේ පසුගිය දීර්ඝ කාලය පුරාම ශ්‍රී ලංකාව සැලකිය යුතු ජයග්‍රහණයක් වාර්තා නොකළ නිසයි. ඇමැතිවරු, කණ්ඩායම් කළමනාකරුවෝ, පුහුණුකරුවෝ වෙනස් වුණාට ක්‍රීඩකයින් වෙනස් වෙලා නැහැ කියන එකයි මේ පරාජයන් පිට ලබන පරාජයන් මගින් කියන්නේ.

මේ අතර එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් තිදෙනා කණ්ඩායමේ නීති රීති පමණක් නොව නිරෝධාන නීති පවා උල්ලංඝනය කරමින් ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම්හි සැරිසරන ආකාරයත් දුම්වැටික් පානය කිරීමට සූදානම් වන ආකාරයත් දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් වී ඇති අතර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇති බවක් වාර්තා වෙනවා.

ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල මීට පෙර ද විවිධ වැරදි හේතුවෙන් දඬුවම් හා අවවාද ලැබ ඇති බව අප මෙහිදී අමතක නොකළ යුතු කරුණක්.

‘‘පවතින කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පැවැත්වෙන්නේ. මෙම ක්‍රීඩකයින් තිදෙනා එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන්ව එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අප පසුබට වන්නේ නැහැ. කළමනාකරු ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා‘ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩාායම එංගලන්තයට යාමට පෙර තමන්ට ගෙවන වැටුප සම්බන්ධයෙන් ද හ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට සමග ගැටුම් ඇතිකර ගත්තා. ඒත් ඔවුන්ට කොපමණ දුන්නත් වැඩක් නැති බවයි දැන් නම් පෙනී යන්නේ.