කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරයාට තිබිය යුතු නව සුදුසුකම් ගැන ඇමතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරයාට තිබිය යුතු නව සුදුසුකම් ගැන ඇමතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්
Spread the love

කෘෂිකර්ම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිළිබද මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. විජේසිංහ මහතා පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නාවලපිටිය ප්‍රදේශයේ අද (06) දින පැවති මාධ්‍යය හමුවකදි කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවත් හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා පත් කළ අතර ඔහු වසරකට ආසන්න කාලයකින් පසු ඉල්ලා අස්විය. ඉන් පසු නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.බී රෝහණ පුෂ්පකුමාර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කරන ලදි.