කෙටි කලක් තුල ලංකාව ලද ප්‍රගතිය ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉන්නේ සතුටින්…! ඇමති ෂෙහාන්ගෙන් ප්‍රකාශයක්..!

කෙටි කලක් තුල ලංකාව ලද ප්‍රගතිය ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉන්නේ සතුටින්…! ඇමති ෂෙහාන්ගෙන් ප්‍රකාශයක්..!
Spread the love

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල සතුටින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

දෙවන ණය වාරිකය ලබාදීමට පෙර එම අරමුදල විසින් නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනයේ බව දැක්වෙන බවද ඔහු කියා සිටී.

නමුත් ඇතැම් ආයතන වැරදි තොරතුරු සමාජගත කරමින් කිරීමට උත්සහ දරා තිබෙන නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිවේදනය මගින් ඒ සියල්ල ම අසත්‍ය බව හෙළි වී ඇතැයි ඔහු පවසයි.

‘අපි එකඟතා ඇති කරගෙන තිබෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මිසක් වෙරිටේ රිසර්ච් ආයතනයත් එක්ක නොවෙයි. වෙරිටේ රිසර්ච් ආයතනය වැරදි තොරතුරු සමාජගත කරන්න උත්සාහ දරා තිබෙන නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නෙ ආර්ථික සංවර්ධනයට ශ්‍රී ලංකා රජයේ කැපවීම ඉතා හොඳ මට්ටමක තිබෙන බව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙ කාලය අවුරුදු හතරක්. ඒ අනුව අපි වැටී තිබුණ අපෙ රටේ ආර්ථිකය ගොඩගන්න ඉතාම නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කරගෙන යනවා. පිටස්තර අය මොනවා කීවත් අපෙ රජයේ කටයුතු ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්ව සිටිනවා. ඔවුන් අපේ වැඩවැඩපිළිවෙළ ගැන ඉන්නෙ සතුටින්. ඒ බව ඔවුන් දෙවැනි ණය වාරිකය ලබා⁣දීමට පෙර නිකුත්කර ඇති ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වෙනවා. විවේචනය කරන එක හරිම පහසුයි. නමුත් මේ ක්‍රියාවලිය ඉතාම අසීරු කාර්යයක්. ඔබට මතක ඇති මීට මාස පහළොවකට පෙර රටේ තිබුණ තත්ත්වය අනුව එදා ආණ්ඩුවට බැන්න අය ආණ්ඩුව විවේචනය කළ අය අද රට වෙනස් වී තිබියදීත් එදා විදියටම බණිනවා, විවේචනය කරනවා.’