කොවිඩ් ආසාදිත මරණ 43ක් සහ නව ආසාදිතයින් 2882ක් – සම්පූර්ණ වාර්තාව මෙන්න

කොවිඩ් ආසාදිත මරණ 43ක් සහ නව ආසාදිතයින් 2882ක් – සම්පූර්ණ වාර්තාව මෙන්න
Spread the love

කොවිඩ් -19 ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගිය බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ්‍.

මෙම මරණ අතරින් 4 ක් ඊයේ (31) දිනයේත් සෙසු ඒවා මැයි 20 සිට 30 වැනිදා දක්වා සිදු වූ ඒවා බවත් මින් හත් දෙනකු නිවසේදී මියගොස් ඇති අතර තවත් හත් දෙනකු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. නිවසේ දී මිය ගිය අතර 24 හැවිරිදි තරුණියක ද වේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ එදින කොවිඩ් ආසාදිතයින් 2882ක් වාර්තා වූ බවයි.

අදාළ මරණ පිළිබද රජය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

covid-death-may-31