කොවිඩ් එන්නත්කරණයේදී ‘සෞඛ්‍ය නිලධාරීන්ට පාට් දැමූ’ මොරටුව පුරපතිගේ ඇප ඉල්ලීම ඉවතට

කොවිඩ් එන්නත්කරණයේදී ‘සෞඛ්‍ය නිලධාරීන්ට පාට් දැමූ’ මොරටුව පුරපතිගේ ඇප ඉල්ලීම ඉවතට
Spread the love

පසුගිය මැයි මස 27 වැනිදා මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්11 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ නීතිඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා විසින් අද (01) ප්‍රතික්ෂේප කළේය.

ඇප ලබාදීමට තරම් ප්‍රමාණයත් කරුණු එම ඉල්ලීමෙහි ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පසුගිය 27 වැනිදා මොරටුව මෝල්පේ හි පැවති එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා පසුගිය 28 වනිදා නීතිඥයින් මාර්ගයෙන් ගල්කිස්ස පොලිසියට භාර වූ අතර පසුව ඔහුව ජූනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙම සිදුවීම සමාජමාධ්‍යවල දැඩි විවේචනයට ලක් වූ අතර ජනපතිවරයා විසින් ද අදාළ සිදුවීම ලැජ්ජාසහගත සිදුවීමක් ලෙස සැලකීය.