‘කොවිඩ් එන්නත් කාඩ්පත‘ නැති නම් අන්තර් පළාත් බස්වල ගමන් බෑ

‘කොවිඩ් එන්නත් කාඩ්පත‘ නැති නම් අන්තර් පළාත් බස්වල ගමන් බෑ
Spread the love

අගෝස්තු 1 වනදා සිට අන්තර් පළාත් ගමන් සඳහා COVID එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

එන්නත ලබා දුන් බවට සාක්ෂි ලෙස හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. එවැනි ලියවිල්ලක් අන්තර් පළාත් ගමන් සඳහා අවසර පත්‍රයක් ලෙස සලකනු ලැබේ.

බස්නාහිර පළාතේ සියලුම බස්රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට අගෝස්තු 15 වන විට එන්නත් ලබා දෙන බවට රජය සහතික විය යුතු බව විජරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

බස්නාහිර පළාතෙන් පිටත ක්‍රියාත්මක වන බස් රථ සේවකයින්ට එන්නත් ලබා ගැනීම සදහා අගෝස්තු අවසානය දක්වා සහන කාලයක් ලබා දෙන බව විජරත්න මහතා වැඩිදුරටත් පැවසීය.