කොවිඩ් මරණ අනුපාතයෙන් දකුණු ආසියාවේ 01 ලංකාව

කොවිඩ් මරණ අනුපාතයෙන් දකුණු ආසියාවේ 01 ලංකාව
Spread the love

සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතය 9ක් බවට පත්වීමත් සමග සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතය ඇසුරින් ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ.

එම අනුපාතයට අනුව බංග්ලාදේශය දෙවන ස්ථානයේද, නේපාලය තෙවන ස්ථානයේ ද ඉන්දියාව සිවුන ස්ථානයේ ද පසුවෙයි.

පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ පස්වන හා හයවන ස්ථානවල පසුවන අතර මාලදිවයිනෙන් අවසන් දින 19 ක කාලය තුළ කොවිඩ් මරණ වාර්තා නොවීම විශේෂත්වයකි. 08 වන ස්ථානයේ පසුවන අතර කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා භූතානයේ කොවිව් ආසාදිත මරණ වාර්තා වී ඇත්තේ මරණ 3ක් පමණි.