කොවිඩ් සායනික කමිටුවෙන් විශේෂඥයින් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

කොවිඩ් සායනික කමිටුවෙන් විශේෂඥයින් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
Spread the love

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇති අතර ආචාර්ය විජේවික්‍රම මහතා කමිටුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු නිර්වින්දන වෛද්‍ය උපදේශක වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද එම කමිටුවෙන් ඉවත් වී ඇත.

“කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉවත්වන බව විජේවික්‍රම මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊ-මේල් පණිවුඩයක් මගින් දැනුම්දී ඇත.

ඔවුන් දෙදෙනා ඉල්ලා අස්වීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

මීට පෙර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මාලවිගේ සහ උතුරු කොළඹ (රාගම) වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පත්මේෂ්වරන් (ප්‍රජා වෛද්‍ය) මහතා ද අදාළ කමිටුවෙන් ඉල්ලා අස්විය.