කොවිඩ්-19 ආසාදිතයින් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීන්දුව

කොවිඩ්-19 ආසාදිතයින් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීන්දුව
Spread the love

PCR පරීක්ෂණ මගින් කොවිඩ්-19 ආසාදිත බවට හඳුනා ගන්නා නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයින් ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට තීරණය කළ බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (15) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ එම ක්‍රමවේදය සඳුදා (17) සිට ක්‍රියාත්මක කරන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරිය, ‘‘අපි මේ තීරණය ගත්තේ බොහෝ දුරට කරුණු සලකා බැලීමෙන් පසුවයි. අපට හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සැලකිය යුතු පිරිසක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ව නිවසේම තබා ගෙන ප්‍රතිකාර කිරීම වඩාත් පහසු හා ඵලදායී බවයි සෞඛ්‍ය අංශවල අදහස වුණේ. එහෙත් යම්කිසිවෙක් යම්කිසි හෝ සංකූලතාවයකින් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයින්ව වහාම රෝහල්ගත කිරීමට පියවර ගන්නවා‘‘

මෙහිදී එන්නත් හිගය සහ විශේෂයෙන්ම පළමු මාත්‍රාව ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීම ගැන අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ පෞද්ගලික අංශය හෝ යොදවා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලදී ගැනීමට රජය කටයුතු කරන බවයි.