කොවිඩ්-19 ආසාදිත මරණ වාර්තාව යළිත් අලුත් වෙයි

කොවිඩ්-19 ආසාදිත මරණ වාර්තාව යළිත් අලුත් වෙයි
Spread the love

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (29) දින කොවිඩ්-19 ආසාදනය වීමෙන් පුද්ගලයින් 216 දෙනකු මියගොස් තිබෙනවා.

මෙම මරණ 216ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,991ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 216න් 101 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 115දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 170 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ. එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 41 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.