කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහාය වීම සඳහා ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 100ක්

කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහාය වීම සඳහා ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 100ක්
Spread the love

ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට ඔක්සිජන් ටොන් 280ක් ලබා දී ඇත

කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහය දක්වමින් ඉන්දියාව විසින් ලබාදුන් දියර වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් අද (26) කොළඹට වරායට පැමිණියේය. මෙය ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන තෙවන ඔක්සිජන් තොගය වන අතර සතියක් තුළදී ටොන් 280ක් ලබාදී ඇත.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට සපයනු ලබන ඔක්සිජන් සැපයුම වැඩි කරන බවයි.

“සැපයුම දිගටම පවතී !!! අද #හල්දියා සිට ඔක්සිජන් ටොන් 100ක් පැමිණීමත් සමඟ, සතියක් ඇතුළත ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ටොන් 280 ක් ලැබුණි. ඉදිරි දින සහ සති වලදී තවත් බලාපොරොත්තු විය හැකි බව‘ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

https://twitter.com/IndiainSL/status/1430501192845594637?s=20

කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහයෝගය දැක්වීම සඳහා ඉන්දියාවේ කැපවීමේ කොටසක් ලෙස පසුගිය 22 වැනිදා ඉන්දියානු නාවික හමුදාවේ අයිඑන්එස් ශක්ති නෞකාව මගින් විශාඛපට්නම් සිට දියර ඔක්සිජන් ටොන් 100ක් රැගෙන පැමිණියේය.

අහම්බයකට මෙන්, ඉන්දියාවෙන් ලබාගත් දියර ඔක්සිජන් ටොන් 40ක් සහිත ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද පසුගිය අගෝස්තු 19 වන දින චෙන්නායි සිට කොළඹ බලා ගමන් ආරම්භ කළේය.

පසුගිය සදුදා නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, සමුද්‍ර සේතු-II මෙහෙයුමේ කොටසක් ලෙස ඔක්සිජන් ලබා දීම සඳහා ඉන්දියානු නාවික යාත්‍රාව යෙදවීමට පියවර ගත් බවයි.

ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ ඉන්දියාව මෙම විශාල තොගය කඩිනමින් බෙදා හැරීමට පහසුකම් සැලසූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබුණේ මෙම සැපයුම් සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය සතියේ සාකච්ඡා කර ඇති බවයි.

ඉන්දියානු නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දැඩි සහයෝගයක් ලබා දුන් බව අවධාරණය කළ ශ්‍රී ලංකා වයිස් අද්මිරාල් උළුගේතැන්න මහතා ඉන්දීය නාවික හමුදාවට සිය කෘතඥතාව පළ කළේය.

විධිමත් සැපයුම් දාමය යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර හදිසි අවස්ථාවකදී මිත්‍රශීලී විදේශ රටවලට අත්‍යවශ්‍ය ඔක්සිජන් නැව්ගත කිරීම වේගවත් කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ‘මිෂන් සාගර්’ ආරම්භය පුරෝගාමී ප්‍රයත්නයක් වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.

දියර ඔක්සිජන් තොග වැඩි වශයෙන් මෙරටට පැමිණීමට නියමිත බව පෙන්වා දෙමින් ඔහු සඳහන් කළේ ඉන්දියාවේ සිට අඛණ්ඩව ඔක්සිජන් සැපයීම සහතික කිරීම සඳහා අයිඑන්එස් ශක්ති නෞකාව හිස් ඔක්සිජන් කන්ටේනර් විශාකාපට්නම් වෙත ගෙන යන බවයි.

indianewsnetwork.com ඇසුරිණි – සැකසුම – භාතිය බරුකන්ද