කොළඹ නගරය තුළ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් භයානක ලෙස පැතිර ගොස් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
![](https://lankaepress.com/wp-content/uploads/2021/08/delta_spread-DR-JEEWANDARA.jpg)
තම ට්විටර් ගිණුම හරහා ප්‍රස්ථාරයක් අනුසාරයෙන් කොළඹ නගරයේ පැතිරීම පෙන්වා දෙන ආචාර්ය ජීවන්දර, ජූලි මස පළමු සතියේ 19.3% ක් වූ ඩෙල්ටා ආසාදිතයන් හමුවීමේ ප්‍රතිශතය ජූලි මස අවසන් සතිය වන විට 75% කට වඩා වර්ධනය වී ඇතැයි ද මෙම දත්තයන් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර වෙත ලැබුණු PCR පරික්ෂණ විශ්ලේශණය කිරීමෙන් ලබාගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසයි.