කොළඹ වරාය නගර පනත යන්නෙත් පළාත් සභා ගිය පාරේ – අක්මීමණ දයාරතන හිමි

කොළඹ වරාය නගර පනත යන්නෙත් පළාත් සභා ගිය පාරේ – අක්මීමණ දයාරතන හිමි
Spread the love

ලංකාවට පළාත් සභා ක්‍රමය හදුන්වා දුන්නෙත් ජනමතයට පිටුපා බලහත්කාරයෙන් බවත් වත්මන් රජය කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමට සූදානම් වන්නේ 69 ලක්ෂයේ ජනවරමට පිටුපා බලහත්කාරයෙන් බව සිංහල රාවය පක්ෂයේ නායකල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (19) දෙහිවල එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී දයාරතන හිමියෝ මෙසේද පැවසූහ.

‘‘වරාය නගරය නිසා රටට සිදුවන යහපත හා අයහපත පිළිබද ව මෙ දිනවල විවිධ මත පළ වෙනවා රටක් විදිහට මෙවැනි නගර නිර්මානය කරලා ආයෝජන ගෙනත් ආර්ථික වශයෙන් රට දියුණු වන එකට අපි සතුටු වෙනවාග මේ සදහා පූර්ණ ආශිර්වාදය පුද කර සිටින්න කැමතියි.

නමුත් මෙය පරිපාලනය කිරීමේදී රටේ ස්වාධිපත්‍යයට හා ස්වෛරීභාවයට හානියක් වනවනම් අපි එයට දැඩි විරෝධය පලකරනවා. මේ පිළිබදව පරිපාලනය සදහා පත්කරන කමිටුව පිළිබදව නීතිමය ගැටලූ රැුසක් මතුවෙනවා. ඒ වගේම මතුවන කරුණු සැලකීමේදී මෙම පරිපාලන නගරය සදහා වෙනම නිශ්චිත භූමියක්, වෙනම මුදල් ඒකකයක්, වෙනම නීති පද්දතියක් හා වෙනම ජන කණ්ඩායමක් ආදි කරුණු සැලකිල්ලට ගත් කල මෙහි වෙනම රටක් නිර්මාණයට අවශ්‍ය වපසරිය නිර්මාණය වෙනවා. මෙය භයානක තත්වයක්

මෙහි අපේ රටේ පුද්ගලයෙක් යම්කිසි භාණ්ඩයක් මිලදී ගත යුත්තේ වෙනත් මුදල් ඒකකයකින්, පසුව ඔහු රටට ඇතුළු වන විට ඒ සදහා බද්දක්ද ගෙවිය යුතු වෙනවා, මෙය වෙනම රටකට ගියා හා සමානයි. මෙතන පරිපාලනය වන හා සංසරණය වන මුදල් පිලිබුදව මහ බැංකුවට කිසිම බැදීමක් නෑ. එතකොට මෙතන කලූ සල්ලි ඇවිත් විවිධ ජාවාරම් කරන්න පටන් ගත්තොත් කොහෙන්ද නියාමනය වෙන්නෙ කියල පැහැදිලි නැ. මෙතන තනිකරම ජාවාරම් කාරයින්ට ඉඩදීල වගේ පේන්න තියෙන්නේ.

මෙම කොමිසමට පත්කරන සියලූ සාමාජිකයින් පත් කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ ජනාධිපති තුමාට ඔහුට ඕනෑම කෙනෙක් පත්කිරීමේ බලය තියෙනවා. මේවට විදේශිකයින් වුණත් පත්කළ හැකියි. මොවුන් අයින් කළ හැක්කේ ජනාධිපතිට පමණයි. අපි හිතමු අර්ජුන් මහේන්ද්‍රන් වගේ කෙනෙක් පත්කරල මෙකේ දූෂණ වංචා කරල පැනල ගියහොත් කව්ද වගකියන්නනේ ? කව්ද ඒ වගකීම ගන්නේ ? කොතනද නියාමනය වන්නේ කියල අපි අහනවා.

ලංකාවට පළාත් සභා ගෙනාවේත් ජනතා පරමාධිපත්‍යයට පිටුපාලා බලහත්කාරයෙන්, ඒකේ විපාක තාම අපි විදවනවා, ඒ නිසා රටේ ඒකීයභාවයට, පරමාධිපත්‍යට බලපාන අණපනත් නීතී ගේන කොට අනිවාර්යෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට යටත් විය යුතුයිග ඒ නිසා මෙම පනතට අනිවාර්යෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.

මෙහිදී අදහස දැක්වූ සිංහල රාවය පක්ෂයේ මහ ලේකම් ශාලික පෙරේරා මහතා කියා සිටියේ කොළඹ වරාය නගරය නිසා විදුලිබලල ජල හා කසළ කළමනාකරණය සම්බන්ධ බරපතළ ගැටලු ඇති විය හැකි බවත් ඒවාට මේ දක්වා කිසිම බලධාරියෙකු විසින් පිළිතුරු ලබා දී නොමැති බවත්ය.

ඔහු මෙසේද පැවසුවේය,

‘‘වරාය නගරය සම්භන්දයෙන් දෙපැත්තෙන් කරුණු දෙකක් මතු කරනවා. වෙනම රටක් වෙනම නීතියක් හා එකම රටක නීතී රාමුව වෙනස් යන්න. මේ කොහොම අර්ථ කතනය කලත් වෙනම පරිපාලන ඒකකයක් නිර්මාණය වනවා කියන්නෙම රටේ ඒකීයභාවය අහෝසි වීම තමයි, කෝ එකම රටක් එක නීතියක් කියල ගත්තු ජනවරම, වෙනම පරිපාලන කලාප, වෙනම පරිපාලන නීති කියන්නෙම මධ්‍යම රජයෙන් පරිභාහිර වීමයි. ඒක සංධීය ක‍්‍රමයක් තමයි මේ වගේ වෙනම පරිපාලන ඒකක යෝජනා අපට මීට පෙරත් පටවන්න හැදුවා, චන්ද්‍රිකාගේ කාෙළ්් සුනාමි සහන මණ්ඩලය, රනිලගේ ස්වයං පාලන කලාප, රිගේන් ශී‍්‍ර ලංකා කියන්නෙත් ඔය වගේම වෙනම පරිපාලන ඒකක කලාප තමා, ඒවා හොද නැතිනම් මේක හොද වෙන්නෙ කොහොමද ?

මේක අනුමත කළ හොත් අනාගතයට වැරදි පූර්වාදර්ශයක් සපයනවා උතුරට, නැගෙනහිරට වෙනම දෙමළ මුස්ලීම් කලාප ඇතිවේවි, මොකද මේක නරක පූර්වාදර්ශයක්ග ඒ වගේම මෙම ව්‍යාපෘතියේ තවමත් නොවිස`දුනු අපේ රටට බලපාන බරපතල ප‍්‍රශ්න රිශියක් තියෙනවාග
අපේ රටේ දැනටමත් මුහුණපාන විශාල බල ශක්ති අර්බුදයක් තියෙනවා. මාස 2ක් පෑව්වොත් අපිටත් විදුලිය නෑ, ඒ වගේම ජල ප‍්‍රශ්නය හා අනිත් බරපතලම ප‍්‍රශ්නය අප මුහණ දෙන කැළි කසළ හා අපද්‍රව්‍ය ප‍්‍රශ්නය. මේවාට අලූත් මූලාශ‍්‍ර තියෙනවාද ? අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න තවමත් එළිකර නෑ. අපි අදුරේ ඉදන් ඔවුන් එළියේ තියමුද ? අපි වතුර නොබී ඔවුන්ට ජලය දෙමුද ? කොලොන්නාව, බ්ලූමැන්ඩල්, කරදියාන වගේ තවත් කසළ ක¥ ගොඩ නගමුද ? එසේනම් එ්වා කළමනාකරණයට අවම වශයෙන් එම ආයතන හා ඇති සම්භන්ධයක් ඇතිකරගෙන තිබෙනවාද ? මේ ප්‍රශ්නවලට ආණ්ඩුව සහ වරාය නගර පනත වෙනුවෙන් පෙනී සිටින අය වහාම පිළිතුරු ලබාදිය යුතුයිග ඒත් අපි දකින්නේ ඔවුන් ඒ ගැන එක වචනයක් නොකියන බවයි.