කොළ එලි දසතට..! පෙරමග ලකුණු සුබයි..! ජනපති නියමයෙන් එජාප සුක්කානම රවි,මාලේවන,තෙවරප්පෙරුම ඇතුළු වැඩක් කරපු ප්‍රබලයන් අතට..!

කොළ එලි දසතට..! පෙරමග ලකුණු සුබයි..! ජනපති නියමයෙන් එජාප සුක්කානම රවි,මාලේවන,තෙවරප්පෙරුම ඇතුළු වැඩක් කරපු ප්‍රබලයන් අතට..!
Spread the love

එක්සත් ජාතික පක්ෂයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කණ්ඩායම් නායක රවි කරුණානායක මහතාට, කැස්බෑව එක්සත් ජාතික පක්ෂ සංවිධායක උපුල් මාලේවන මහතාට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරපෙරුම මහතාට පක්ෂ යාන්ත්‍රණය තුළ සුවිශේෂී බලතල ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව අපට වාර් තා වේ.

ඒ අනුව නුදුරේදීම එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරය රවි කරුණානායක මහතාටත් පාක්ෂිකයන් සමග සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා බලතල සහිත තනතුරු කිහිපයක් අසීරු මොහොතේ පක්ෂ රැකගත් පක්ෂ ප්‍රබලයන් වෙත ලබාදීමටත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා මහ මැතිවරණය පරාජ වූ පසුවද ඔහු සමග සිටිමින් ඔහුව ආරක්ෂා කළ උපුල් මාලේවන පාලිත තෙවරප්පෙරුම වැනි එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්වූ පසුව තනතුරු තාන්න මාන්න බලාපොරොත්තු නොවී ස්වාධීනව වැඩ කටයුතු කිරීම තුළ සැබවින්ම පාක්ෂිකයාට ආමන්ත්‍රණය කළ හැකි පක්ෂ නායකයන් එක්සත් ජාතික පක්ෂයෙන් දුරස් වූ බව  ජනාධිපතිවරයා වටහාගෙන ඇති බවද වැඩිදුරටත් වාර් තා වේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ මෙම නව ප්‍රවණතාවයත් සමඟ බිඳවැටී ඇති පාක්ෂික සන්නිවේදන සම්බන්ධතා සහ පාක්ෂික ආදරය වැඩිදියුණු කරගෙන නැවතත් ජයග්‍රාහි මාවතට ගෙන ඒමට දැවැන්ත ශක්තියක් වනු ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් එම පක්ෂ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් රැසක් පැවසීය.