ගම්මන්පිලගේ ප්‍රකාශයට සුදර්ශනීගෙන් ප්‍රතිචාර – කොවිඩ් එන්නත් කොක්ටේල් කරන්න බෑ

ගම්මන්පිලගේ ප්‍රකාශයට සුදර්ශනීගෙන් ප්‍රතිචාර – කොවිඩ් එන්නත් කොක්ටේල් කරන්න බෑ
Spread the love

එන්නත් මිශ්‍රකර භාවිතා කිරීම ගැටලුවක් නොවන බව“ ට ‘පසුගිය 11 වැනි දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශ සාවද්‍ය මෙන්ම සැලකිය යුතු ලෙස අනතුරුදායක බව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙන්ම ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ (Oxford Vaccine Group) මහාචාර්ය මැතිව් ස්නේප් විසින් ද සනාථ කර තිබෙනවා.

අද (13) පළ වූ බී.බී.සී වාර්තාවක සදහන් වුණේ ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රාව මිශ්‍ර කිරීමෙන් පසු වැඩිහිටියන්ට මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ (mild and moderate side-effects) වාර්තා කිරීමට වැඩි ඉඩක් ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙන බවයි.

මේ අතර රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ද ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයක් කර තිබෙනවා. ඇය අවධාරණාත්මකව කියා සිටියේ ‘‘කොවිඩ් එන්නත් මාත්‍රා විවිධ වර්ගයේ එන්නත්වලින් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැති බවත්, එන්නත් සම්බන්ධ ශ්‍රී ලංකාවේ තාක්ෂණික කමිටුව විසින් ද ප්‍රකාශ කර ඇත්තේ මුල් මාත්‍රාව ලබාගත් එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාව ද ලබා ගන්නා ලෙස බවත් රාජ්‍ය ඇමතිවරිය සදහන් කළා.

සීෂෙල් පුවත වාර්තා කළ ආකාරයත් සාවද්‍යයි

මේ අතර සීෂෙල් රාජ්‍ය සේ කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් 3/1ක කොවිඩ් ආසාදනය වීම පිළිබද පුවතට ලංකාවේ ජනමාධ්‍ය ලබා දෙන ‘විකෘති / සාවද්‍ය ප්‍රචාරය ගැන ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. ඔවුන් කියන්නේ එන්නත්කරණය දීපව්‍යාප්තව සිදුවන මේ අවස්ථාවේ මෙවැනි නොමග යවනසුළු ප්‍රවෘත්ති, විශේෂයෙන්ම ශීර්ෂපාඨ පළ කිරීම වගකිව යුතු මාධ්‍යවලට තරම් නොවන බවයි.

‘මේ පුවත විශාල වශයෙන් කියවන හා හුවමාරු වන බවක් අපට පෙනී ගියා. ප්‍රකට ජාතික වෙබ්අඩවියක මේ ප්‍රවෘත්තියට ලබා දී තිබූ ශීර්ෂපාඨය වුණේ ‘එන්නත් දෙකම ගත්තු වැඩි දෙනකුට කොරෝනා“ යන්නයි. එය අති විශාල පිරිසක් කියවා තිබුණා. ඒත් මෙහි අන්තර්ගතයේ සදහන් වන්නේ, ‘සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයගෙන් තුනෙන් එකකට, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි‘ කියලයි

ඒ කියන්නේ 3/1ක් කිසිසේත්ම ‘වැඩි දෙනෙක් “ වෙන්න බැහැනේ. මෙයින් අදහස් වෙන්නේ ‘බහුතරයක් / විශාල පිරිසක්‘ කියන සාමාන්‍ය අදහසයි. මිනිස්සු ප්‍රවෘත්තියක් කියවන්නේ ශීර්ෂපාඨය දිහා බලලා. ඉතිං ආකර්ෂණීය ශීර්ෂපාඨයක් ඇති ප්‍රවෘත්තියක් කවුරුත් කියවනවා. මේ වාගේ ප්‍රවෘත්ති හරහා පැහැදිලිව එන්නත්කරණ වැඩසටහනට බාධා හා අවහිරතා ඇති වෙනවා. ඒ ගැන දෙගිඩියාවක් ඇති අයට මේ ප්‍රවෘත්ති අනුබලයක් වෙනවා. අපි කියන්නේ කොවිඩ් වාර්තාකරණයේදී සංවේදී වීමට වඩා වගකීම, වගවීම කියන පැත්ත ගැන බලන්න කියලයි“ මේ ගැන අප සමග අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙක් අවධාරණය කළා.