ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක පහක් තහනම් කළ ගැසට් එකත් රිවස් කරයි

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක පහක් තහනම් කළ ගැසට් එකත් රිවස් කරයි
Spread the love

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 05ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 ‍දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත්  විසින් (22දා) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් පළිබෝධ නාශක මත පනවා තිබූ භාවිතය සහ විකිණීමේ තහනම ඉවත් වනු ඇත.

මහජනතාවගේ හිත පිණිස පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශණ කමිටුවේ උපදේශණය මත පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් අනුර විජේසේකර මහතා විසින් 2014/12/22 වැනිදා අංක 1894/4 යටතේ නිකුත් කොට තිබු අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කොට තිබු නියමය අවලංගු කරන බව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජේ.ඒ. සුමිත් මහතා 2021 නොවැම්බර් මස 01 වැනිදා දිනැතිව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කොට ඇත.

මූලය හදුනා නොගත් වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට් බව පවසමින් මෙම තහනම පනවනු ලැබූ නමුත් ඒ සමග තේ ඇතුළු වගා රැසක වල් මර්ධනය අර්බුදයකට ලක්විය.