ගැබිනි මවුවරුන් 4200කට කොවිඩ් – 900ක් රෝහල්වල

ගැබිනි මවුවරුන් 4200කට කොවිඩ් – 900ක් රෝහල්වල
Spread the love

මේ වන විටත් ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් 4200 ක් පමණ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් 900 දෙනකු දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

අද (30) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය කියා සිටියේ කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 32 දෙනෙකුට මේ දක්වා ජීවිත අහිමි වී ඇති බවයි.

ගැබිනි මව්වරුන්ගෙන් 75% කට මේ වන විටත් කොවිඩ් එන්නත ලබා දී ඇති බව පැවසූ අධ්‍යක්ෂවරිය, සියලුම ගැබිනි මව්වරුන් සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ළඟම ඇති රෝහල වෙත යන දෙස ගැබිනි මවුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

ජනාකීර්ණ ස්ථාන වලට නොයන ලෙසත් කොවිඩ් වැනි රෝග ලක්‍ෂණ ඇති පුද්ගලයින් ඇසුරු කිරීමෙන් වළකින ලෙසත් ඇය ගැබිනි මව්වරුන්ට අවවාද කළාය.

ඇය පැවසුවේ කොවිඩ් ආසාදිත මවුවරුන් නිවසේ නිරෝධායනයට ලක් කළ යුත්තේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පමණක් බවයි‍.