ගෑස් ටැංකි පිපිරීම් ගැන සොයන්න පත් කළ ජනපති කමිටුවේ සුපිරි හෙළිදරව්ව

ගෑස් ටැංකි පිපිරීම් ගැන සොයන්න පත් කළ ජනපති කමිටුවේ සුපිරි හෙළිදරව්ව
Spread the love

2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 05 වැනි දින දක්වා කාල සීමාව තුළ මෙරටින් ගෑසි සිලින්ඩර ආශ්‍රිත සිදුවීම් 28ක් වාර්තා වී ඇති බවත් නොවැම්බර් 29 වැනි දින සිට දෙසැම්බර් 05 වැනි දින දක්වා එවැනි සිදුවීම් 430ක් වාර්තා වූ බවත් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබද විමර්ශන කිරීම හා ඒ පිළිබද විසදුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් අද (06) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ.

මෙම මාධ්‍ය නිවේදනය අනුව ගැස් සිලින්ඩර ආශ්‍රිත වැඩිම සිදුවීම් ගණනක් දෙසැම්බර් මස 03 වැනි දින වාර්තා වී ඇති අතර එය 142කි.

ගෑස් කාන්දුවීම් ආශ්‍රිත සිදුවීම් 244ක් මෙම කාලය තුළ වාර්තා වී ඇති අතර 2021 ජනවාරි මස 01 වැනි දා සිට නොවැම්බර් 28 වැනි දා දක්වා වාර්තා වූ එවැනි සිදුවීම් ගණන 17කි. නොවැම්බර් 29 වැනි දින සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා ගෑස් කාන්දුවීම් 227ක් වාර්තා වී ඇත.

මෙම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

[googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/12/මාධ්_ය-නිවේදනය-01-1.pdf” ]