ගෑස් ප්‍රශ්නය නිසා ආපනශාලා සහ හෝටල් 80%ක් හෙට සිට වසා දමයි

ගෑස් ප්‍රශ්නය නිසා ආපනශාලා  සහ හෝටල් 80%ක් හෙට සිට වසා දමයි
Spread the love

ගෘහස්ථ LP ගෑස් හිඟය හේතුවෙන් හෙට සිට ආපනශාලා සහ හෝටල් සියයට 80කට වැඩි ප්‍රමාණයක් වසා තබන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පැවසීය.

ඔහු කියා සිටියේ එළවළු මිල ඉහළ යාමට අමතරව වෙළඳපොලේ ගෑස් හිඟය ප්‍රධාන ප්‍රශ්නය වී ඇති බවයි.

“ආපනශාලා හිමියන් තම සේවාවන් කරගෙන යාමට නොහැකි බරපතල තත්ත්වයකට මුහුණ දී සිටිනවා,” ඔහු පැවසීය.

ගෑස් හිඟය සහ එළවළු මිල ඉහළ යාම හේතුවෙන් එළවළු බත් පැකට්ටුවක මිල රුපියල් 180 දක්වා ඉහළ දමා ඇති බව එම සංගමය පවසයි.