ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට හැකියාවක් නැහැලු

ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට හැකියාවක් නැහැලු
Spread the love

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව 1994 වර්ෂයේ පටන් පැමිණි ගැටලුවක් බවද මේ අවස්ථාවේ ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට රජයට හැකියාවක් නැතැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

පවතින කොවිඩ් බලපෑම මත එලෙස වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 68ක මුදලක් වැය වන බවද භාණ්ඩාර ලේකම්වරයා වැඩි දුරටත් පවසයි.

භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ‘වසංගතය හමුවේ ආර්ථික කළමනාකරණය‘ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය.

‘‘ රාජ්‍ය සේවක වැටුප් සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 800ක් සහ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 250කට අධික මුදලක් වැය වෙනවා.ගුරු වැටුප් වැඩි කළහොත් එය රුපියල් බිලියන 1,100 දක්වා වැඩි වෙනවා. එය මෙම අවස්ථාවේ රජයට දැරිය නොහැකි තත්වයක්. ඒ නිසා ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීම ගැන පසුව සලකා බැලිය හැකියි‘ භාණ්ඩාගාර ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කළා.