ගෙදර යන්න සූදානම් – දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළියක්

ගෙදර යන්න සූදානම් – දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළියක්
Spread the love

අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

පසුගිය 6 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා විසින් මේ ප්‍රකාශ කළ බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිටියේ.

‘‘ආණ්ඩුවේ අමාත්‍යධුරයක් දරමින් ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැහැ කියලා මේ රැස්වීමට සහභාගී වුණ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දයාසිරිට කිව්වා. ඒකට දයාසිරි පුරුදු විදිහටම උත්තර දුන්නා. අවශ්‍ය නම් රාජ්‍ය ඇමැතිකමින් ඉල්ලා අස්වෙලා පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරන්න සූදානම් කියලා තමයි කිව්වේ‘

මෙහිදී වැඩි දුරටත් කරුණු හෙළි කළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා ‘‘ඇත්තටම ඒක බරපතළ ප්‍රකාශයක්. ඒත් බොහෝ දෙනෙක් කිව්වේ ඒවාගේ තීරණයක් ගන්න අවශ්‍ය නැහැ කියලා. කොහොම හරි මේ ගැන එදාම හවස තිබුණ දේශපාලන මණ්ඩල රැස්වීමේදීත් සාකච්ඡා වුණා. ඒකට හිටපු ජනාධිපතිතුමත් සහභාගී වුණා‘‘