චන්න ජයසුමනගෙන් බරපතළ අනතුරු ඇගයීමක්

චන්න ජයසුමනගෙන් බරපතළ අනතුරු ඇගයීමක්
Spread the love

නීතිවිරෝධී ලෙස ඖෂධ ගෙන්වීමබෙදාහැරීම හා ලේබල් වෙනස් කරන්නන්ට දැඩි දඞුවම් ලබා දෙන බව ඖෂධ නිෂ්පාදනයසැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි.

සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය මඟින් කොව්ඩ් වසංගත සමයේ දී, රෝගී ජනතාව සඳහා කළ සේවය වෙනුවෙන්, ඖෂධ නිෂ්පාදනයසැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් පැවති ඇගයීම් උළෙලේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, කොවිඩ් 19 වසංගතය කාලේ ඖෂධ ශාලා ඇරගෙන හිටියා කියලා ඔබ තමුන්නාන්සේලාට  ඇරගෙන ඉන්න ඒ සඳහා අවස්ථාව ලැබුණේ, ජනාධිපති කාර්ය සාධන බලකායේ දී අපි සටන් කරපු නිසා කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනෑ. සමහර අවස්ථාවන්වලදී ෆාමසි විතරයි ලංකාවේ ඇරල තිබ්බේ. ෆාමසි අරිනවද, නැත්ද කියන එක ගැන අපි කථා කළා. ඇතැම් පාර්ශ්වයන් කරුණු දැක්වූවා ෆාමසි විතරක් ඇරල තියෙන්නෙ මොකද අනෙකුත් සිල්ලර කඩත් අරින්න ඕනි කියල. විවිධ තර්ක ගොඩනැගුවා, අපි ඒ අවස්ථාවේදී කරුණූ දැක්වූවා අත්‍යවශ්‍ය කරුණක් කියලා කරුණු දක්වලා, මුදල් අමාත්‍යාංශය  හා අගමැතිතුමා සමඟ තීරණය කරා ෆාමසි ඇරල තියන්න ඕනි කියලා. ඒ වගේම අමාරු අවස්ථාවේ කරපු කාර්යට අගැයීමත් කරන්න ඕනි.

මට හොඳටම දැනෙන දෙයක් තමයි, අත්තිඩියේ ෆාමසියක වැඩ කරන මහත්තයා. ඒ මහත්තයා නැති වුණා කොවිඩ් නිසා. මට මේක දැනගන්න ලැබුණා. මේ සිදුවීම විතරක් නෙවෙයි කිහිප තැනකම ෆාමසි වල වැඩ කරපු කිහිපදෙනෙක් මිය ගියා. මේ අවස්ථාවේදී එහෙම තිබිලත් තමුන්නාන්සේලා ෆාමසි ඇරගෙන හිටියා. මෙම කටයුතු ඉතාම පිළිවෙලට කළා. විශේෂ ඇගැයීමක් ප්‍රශංසාවක් තමුන්නාන්සේලාට හිමි වෙනවා.

මම දේශපාලනයට එන්න ඉස්සර වෛද්‍යවරයකු ලෙසත්, කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කළා. දේශපාලන පිටියට ආවට පස්සේ විවිධ කණ්ඩායම් සමඟ විවිධ අය එක්ක කටයුතු කළා. තමන්ට දෙයක් ලබා ගන්න, තමන්ගේ අයිතිවාසිකමක් ගැන තමයි බොහෝ වෙලාවට කථා කළේ. බොහෝ දෙනෙක් කථා කලේ නමුත් ඖෂධ ශාලා හිම්යන්ගේ සංගමයට ගෞරවය හිමිවන්න ඔිනි. කිසිම විටක තමන්ගේ අයිතිවාසිකම් ගැන කථා කළේ නහැ. ඔබ තමුන්නාන්සේලා විතරයි අඩුවෙන්ම කරදර කලේ.  වැඩියෙන්ම වැඩ කරලා. නමුත් තමුන්නාන්සේලා ඇගැයීමට ලක්වෙන්නේ නෑ. මේ කළ කැපවීම අගය කිරීමක් කළ යුතුයි.

මට කරුණු කිහිපයක් කියන්න ඕනෑ. මේ ඖෂධ නියාමනය පිළිබඳව. අප ඉදිරි වසරේදී බලාපොරොත්තු වෙනවා ප්‍රතිපත්තියක් වශයෙන්  රාජ්‍ය අමාත්‍යාංශයත් රජයත් කරුණු කාරණා කිහිපයකට එලඹෙන්න NMRA (ජාතික ඖෂධ නියාමන අධිකාරිය) එකත් එක්ක එකතු වෙලා. අපි 2015 දී හඳුන්වලා දුන්න පනත සංශෝධනය කිරීමට පියවර ගන්නවා. විශේෂයෙන්ම මෙම පනතේ ඇතැම් වගන්ති, පනත මඟින් හඳුන්වල දීල තියන රෙගුලාසි මඟින් අකටයුතුකම්වලට ඇතැමුන්ට උදව් දෙනවා කියලා අපිට පෙනිලා තියනවා.

ඒ වගේම වරදක්කරන කෙනෙකුට නිසි දඬුවම් ලබා දීමට ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම හොඳ දෙයක් කරන කෙනෙක් අගැයීමට ලකකරන ක්‍රමයක් හඳුන්වලා දෙන්න NMRA (ජාතික ඖෂධ නියාමන අධිකාරිය)  අලුතෙන් පත්වුණ සභාපතිතුමා කමිටුවක් පත්කරලා තියනවා. සංශෝධන කටයුතු සඳහා. ඒ කටයුතු අද දවසෙත් සිද්ධ වෙනවා. NMRA (ජාතික ඖෂධ නියාමන අධිකාරිය) පනතේ තිබෙන අඩුපාඩු ටික නොබෝ දිනකින් නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමන්ලා ශක්තිමත් වෙනවා වගේම, රැකවරණයක් ලැබෙනවා වැරදි කරන අයට නිසි දඬුවමක් ලැබෙනවා.

මම දන්නවා නීතිවිරෝධී ඖෂධ අලෙවි කරනවා, ලේබල් වෙනස් කරලා ඖෂධ අලෙවි කරනවා බොහෝ වෙලාවට තියෙන්නේ සුළු දඩයක් – සමහර විට ඒ දඩේ වගේ 10 ගුණයක් 1000 ගුණයක දඩයක් ගෙව්වත් දැනෙන්නේ නෑ. නිසි දඩුවමක් ලැබෙන ක්‍රමවේදයක් සකසන්න ඕනෑ.නීති විරෝධී වැඩවලට රුකුල් දීමක් තමයි දැන් සිද්ධ වෙන්නේ ටැමඩෝල්ගැබාපෙන්තීන් වගේ ඖෂධ නීති විරෝධී ලෙස අලෙවිකරන රටට ගෙන්වන බෙදාහරින නිසි ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. ඊසිකෑෂ් වලින් විකුණන ක්‍රමවේදයක් තියෙනවා ගෙදරට ගෙනල්ලා බෙදා හරින, අලෙවි කරන ක්‍රමවේදයක් තිබෙනවා.

මේ ආකාරයේ කටයුතු ගණනාවක් සිද්ධ වෙනවා. හැබැයි මෙය නතර කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් යන්ත්‍රණයක්, නීති මාලාවක්,රැකවරණය නැහැ ඒවා නිවැරදි කරන්නට ඔබතුමන්ලාගෙන් අපි බලාපොරොත්තු වෙනවා වෙනත් කාරණයක් සඳහා යොදාගන්නට තිබෙන ඖෂධ වෙනත් දේවල් සඳහා යොදාගන්නවාට විශේෂයෙන් ගැබාපෙන්තින් තමයි. ඒවා ලංකා – නීති විරෝධීව ගෙනත් අලෙවි කරන්නන් ඒවා නැවැත්වීම සඳහා සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමය පැමිණ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියා ඉල්ලීම් කරණවා. දැන් තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ප්‍රතිජීවක ඖෂධ අවභාවිතා කිරීම වෛද්‍යවරු තමයි මේ සඳහා මූලිකව වගකියන්න ඕනෑ. ප්‍රතිජීවක ඖෂධ අවබාවිතා කිරීමත් අපේ රටේ සිද්ධ වෙනවා. බටහිර රටක සාමාන්‍යයෙන් රෝගියෙක්ට දෙන්න 100 පාරක් හිතන ප්‍රතිජීවක ඖෂධ අපේ රටේ භාවිතය ශිඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම මෑතකදී වකුගඩු රෝගය සඳහා කළ පර්යේෂණයකදී ජලය විශ්ලේෂණයට ළක් කලා. ඒ විශ්ලේෂණයේදී හෙළි දරව් වුණ ලංකාවේ ජල ප්‍රභවයන් බොහෝමයක් ප්‍රතිජීවක ඖෂධවලින් දුෂණය වෙලා තියෙනවා කියලා පාවිච්චි කරණ ප්‍රමාණය කොපමණ කියනවානම් ප්‍රතිජීවක ඖෂධ ජල ප්‍රභවයන් එකතුවෙලා තියෙනවා.

ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබඳ කඩිනමින් වැඩපිලිවෙළක් සදන්න ඔීනි. ඒ සදහා ඔබතුමන්ලාට විශේෂ කාර්යභාරයක් තියෙනවා. ඒ සඳහා සහයෝගය දෙන්න කියන එක මතක් කරන්න ඔිනි. මොකද ඖෂධවේදය පිළීබඳව ඇමති කෙනෙකුට මේක භාර දී කරන්න බැරි නම්, අමාරු වැඩක් සමහර වෙලාවට ප්‍රතිජීවක ඖෂධ දවසට නැත්තම් දෙකකට දෙන්නේ, දවස් 4 – 5 දෙන ප්‍රතිජීවක ඖෂධ දවසට දෙන්නේ. සමහර ඖෂධ තියෙනවා ආසාධිත තත්වයකදී පමණක් භාවිතකරණ ඒවා කුඩා දරුවන්ට සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව තත්වයේදී පවා දෙනවා. වෛද්‍යවරුන් වන්ශොට්ලා වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට දීර්ඝ කාලයක් ගියාම තමයි ප්‍රශ්න පටන් ගන්නේ.

මේ සඳහා වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න බලාපොරාත්තු වෙනවා. සහයෝගය එයට දෙන්න කියලා ඉල්ලනවා. ඔබතුමන්ලා මුහුණ දෙන ප්‍රශ්න කිසිවක් මට කිව්වා වෛද්‍යවරයා දෙන බෙහෙත් තුණ්ඩුව සමග කැපිටල් R අකුර වගේ පේන්න තියෙන්නේ ඉරක් පමණයි. ඔබතුමන්ලා කොහොමද ඖෂධ හදුනාගන්නේ. අපි මේ ගැන කථා කළා NMRA (ජාතික ඖෂධ නියාමන අධිකාරිය)  එකත් එක්ක, පනත මගින්ද නිශ්චිත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඉංශ්‍රීසි බෙහෙත් කැපිටල් අකුරෙන් ලියන්න ඕනෑ. නීති ගෙන එන්නට එමඟින් සිදුවන අවභාවිතයක් අඩු වේවි.