ජනතාවගේ ස්වේච්ඡා ලොක්ඩවුන් ගැන මහාචාර්ය අර්ජුන ද සිල්වා කළ ප්‍රකාශය

ජනතාවගේ ස්වේච්ඡා ලොක්ඩවුන් ගැන මහාචාර්ය අර්ජුන ද සිල්වා කළ ප්‍රකාශය
Spread the love

ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිනු ලැබුවහොත් ලබන අවුරුද්දේ මැද වනවිට කොවිඩ් පැතිරීමේ යම් පාලනයක් ඇති වනු ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  පැවැසීය.

මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියේ රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවයි.

සංචරණ අඩු කිරීමට රජය ගෙන ඇති පියවර ගැනද සතුටු විය හැකි බව සඳහන් කළ මහාචාර්යවරයා කොවිඩ් පාලනය සඳහා මේ තත්වය දිගටම පවත්වා ගෙන යා යුතු බව ද පැවසුවේය.

සංචරණය සීමා කිරීමට සමගාමීව කොවිඩ් එන්නත්කරණයද වේගවත් කළ යුතු බවත් රජය එන්නත්කරණයට දක්වන උනන්දුව ගැන සතුටු විය හැකි බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.

‘‘එංගලන්තයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් එරට කොවිඩ් මරණ අඩුවී ඇත්තේ එන්නත්කරණය සියයට 70ක පමණ සීමාවකට ළඟා වීම නිසයි. ශ්‍රී ලංකාවද වේගවත් එන්නත්කරණයකට යෑමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකියි. ඒ වගේම මේ වන විට දීර්ඝ කාලයක් වසා දමා ඇති පාසල් විවෘත කිරීමට පෙර වයස 12 ට වැඩි සියලුම සිසු දරු දැරියන්ට කොවිඩ් එන්නත ලබා දිය යුතුයි. එසේ නොමැතිව පාසල් විවෘත කිරීම භයානකයි. දරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබාදී සති දෙකක් ගතවූ පසු පාසල් විවෘත කිරීමට රජයට අවස්ථාව උදා වෙනවා‘ යැයි ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ.