ජනතාව විසින් බිහිකළ ‘මහජන චීනයේ ආශ්චර්යය ගැන‘ ශ්‍රී ලාංකිකයෙක් කියන සුපිරි කතාව

ජනතාව විසින් බිහිකළ ‘මහජන චීනයේ ආශ්චර්යය ගැන‘ ශ්‍රී ලාංකිකයෙක් කියන සුපිරි කතාව
Spread the love

දෙවන ලෝක යුධ සමය අවසානයේ  සිට බටහිර ලෝකයා විසින් එම රට  හැදින්වූයේ  අධික ජනගහනයක් සිටින පාපැදි මගින් ගමන් බිමන් යන අපිරිසිදුකම බහුල සාක්ෂරතාවයෙන් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් ලෙසයි.

සේද මාවතේ නව පරිච්ඡේදයකට අවතිර්ණවීමට අඩිතාලම දමා ඇති චීනය වර්ථමානය වන විට ලබාගෙන ඇති දියුණුව ඉතා විශාලය. ඉංදියාව, ජපානය, ඕස්ට්‍රේලියාව හා කොරියාව පසෙකට තල්ලුකර දමමින් චීනය ඉදිරියට යන බව එරටෙහි දශක දෙකක් තුල දෙවතාවක් අධ්‍යයන කටයුතු සදහා සහභාගීවූ මට හැගීයයි.

මහා මාර්ග, අධිවේගී මාර්ග පද්ධති, විදුලි දුම්රිය මාර්ග පද්ධති, ගංගා ආශ්‍රීත හා සමුද්‍රීය නාවික ප්‍රවාහනය, අභ්‍යවකාශ හා සංනිවේදන චන්ද්‍රිකා තාක්ෂණය, ගුවන්යානා නිෂ්පාදන තාක්ෂණය, සියළුම කාණ්ඩයන්හි මගී රථවාහන සහ ඉලෙක්ට්‍රෝනික නිපැයුම් යන සෑම ක්ෂේත්‍රයකම අත්පත්කර ගනිමින් සිටින ධනාත්මක වර්ධනය ඉතා ඉහළ යැයි පැවසිය හැක.

එමෙන්ම චීන වැසියන් උදෙසා ඉදිකර ඇති හා ඉදිවෙමින් පවතින නවීන නිර්මාණශීලී නිවාස සංකිර්ණ සහ පොදු වෙළද සංකීර්ණ සමගින් අභ්‍යයන්තර හා ජාත්‍යයන්තර ගුවන් තොටුපල යන සියළුම ක්ෂේත්‍රයන්හි දැකිය හැක්කේ අනාගතය අතික්‍රමණය කිරීමේ දැක්ම පිළිබද රාජ්‍ය නායකත්වය  සමගින් ජනතාව තුල වූ විශාල අභිලාශයයි.

වර්ථමාන චීනය පිළිබද පැවසිය හැකි හොදම ආකාරය එයයැයි මම සිතමි. විද්‍යා හා තාක්ෂණ ඥානය ඔස්සේ දියුණු කෘෂියන්ත්‍රෝපකරණ භාවිතයෙන් ආහාර බෝග හා සත්ත්ව නිෂ්පාදන උත්පාදනය කිරීම, කාර්මික, වෛද්‍ය හා කෘෂිකාර්මික නිෂ්පාදන උදෙසා තොරතුරු තාක්ෂණය සමගින් පුද්ගල සංවර්ධනය යථාර්තයක් බවට පත්කර ගැනීමට චීනය සමත්වී ඇති ආකාරය එම රටතුල සංචාරය කළහොත් පසක්කරගත හැකිවේ.

මේ උදෙසා සෑම ප්‍රාන්තයකටම ආවේනික වූ සංවර්ධන ක්‍රියාදාමයන් පොදු ජාතික ප්‍රතිපත්තියක සිට ක්‍රියාවට නංගවා ගැනීම පිණිස කටයුතුකර ඇත. ඒ සදහා පෙර පාසැල් අධ්‍යාපන ක්‍රමයේ සිට විශ්ව විද්‍යාල සහ අනුබද්ධ පර්යේෂණ ආයතන සමගින් වූ රේඛීය සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත. එරට නව ආර්ථික පුනරුදයට හේතුව ද එයයි.

දෙවන ලෝක යුධ සමය අවසානයේ  සිට බටහිර ලෝකයා විසින් එම රට  හැදින්වූයේ  අධික ජනගහනයක් සිටින පාපැදි මගින් ගමන් බිමන් යන අපිරිසිදුකම බහුල සාක්ෂරතාවයෙන් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් ලෙසයි.

හැටේ දශකයේදී සංවෘත්ත කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ඇති දියුණුවෙමින් පවතින රටක් ලෙස හදුන්වන ලදී. හැත්තෑව දශකය වන විටදි රෙදිපිළි කර්මාන්තය, පිගන් කර්මාන්තය, සුළු වෙළද භාණ්ඩ අපනයනය කරන හා ජිමිනාස්ටික් සහ බැඩිමින්ටන් වැනි ක්‍රීඩාවට දක්ෂයින් සිටින රටක් ලෙසින් හදුන්වන ලදී.

එකළ අප දැන සිටියේ මා ඕ සේතුංග් හා චීන මහා ප්‍රාකාරය පිළිබදව පමණි.  පසුකාලීනව රබර් හා සහල් හුවමාරු කරගන්නා ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙසත් චීනය ප්‍රකටවිය. එහෙත් වර්ථමාන චීනයේ පිළිවෙත වන්නේ අන්තර් ජාතික වෙළදාම, ශිල්පීය දැණුම බෙදාහදා ගැනීම, පොදු ජයග්‍රහණ ළගාකර ගැනීමට අනෝන්‍ය යහපත වෙනුවෙන් හිතෛෂී රටවල යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමය. ඒ තුල ව්‍යංගාර්ථ හෝ කෛරාටික ආකල්ප නොමැතිබව දැන ගත හැක්කේ ඔවුන් සමග සම්මුඛව කථාබහ කිරීමෙනි.

වර්තමානයේදී එරට තුල කැමති ඕනෑම ක්ෂේත්‍රයක විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට, තාක්ෂණ ඥාණය හුවමාරුකර ගැනීමට ඉඩකඩ සලසා ඇත. දිගු කාලීන මිත්‍ර රටවල් සමග හමුදා ශීල්පීය ක්‍රමෝපායයන් පුහුණුව සදහා ද්විපාර්ශ්චිකව පුහුණු කටයුතු සලසා ඇත.

හොංකොන් පරිපාලනය තමන් සතුකර ගැනීම තුලින් චීනය ලොවට ප්‍රකාශ කලේ එක රටක් තුල ආර්ථික පිළිවෙත් දෙකක් ගලපා ගැනිමයි. ඒ උදෙසා ප්‍රතිසංස්කරන කරන ලද විදේශීය ආර්ථික ප්‍රතිපත්තිය යටතේ “එක් තීරයක් එක් මාවතක් ” සංකල්පය ඔස්සේ ලෝකයාට සහෘදව ආමන්ත්‍රණය කිරීමට චිනය දැන් සමත්වී ඇත. මේවන විටදී එරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ හා රටින් බැහැර යන සංචාරකයින්ගේ ප්‍රමාණය මෙයට එක් නිදසුනකි. රටතුල සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා නවීන පහසුකම් සහිත තරු හතර හා තරු තුන සංචාරක හෝටල පහසුකම් බහුලව දැකිය හැක.

එමෙන්ම රටතුල පෞරාණිකත්වය රැකගත් නූතන කාබනික ගොවිතැන් ක්‍රමවේද සහිත කෘෂි සංචාරක ගොවිපලවල් පිහිටුවා ඇත. එය සංචාරක ව්‍යාපාරයේ නව මංපෙත් විවර කිරීමට සමත්ව ඇත. මෙම ගොවිපලවල් තුල  වගා කටයුතු  ඕනෑම කෙනෙකුහට නිරීක්ෂණය කළ හැක. ඒ සදහා අභ්‍යයන්තර මංමාවත්හි පහසුවෙන් ගමන් කිරීමට හැකි කුඩා විවෘත විදුලි වෑන් රථ යොදා ඇත. එම ගොවිපලවල් තුලම වගාකරන බෝග වර්ග හා සත්ත්ව නිෂ්පාදනයන්හි රසවිඳීමට අභ්‍යයන්තර ආපනශාලා සහ නවාතැන් සදහා සුඛෝපභෝගී කාමර පහසුකම් ද සංනිවේදන කටයුතු සදහා නොමිලේ සැපයෙන වයිපයි පහසුකම්ද විනෝදාශ්වාදය උදෙසා ශ්‍රව්‍ය දෘෂ්‍ය ශාලා පහසුකම්ද සපයා ඇත.

චීන වැසියන් සමග සාකච්ඡා හෝ සම්මණ්ත්‍රණයක නිරත වුවහොත් ඔවුන්ගේ තේ පානයේ තරම හා කලාත්මක බව අත්විදීමට ඔබට හැකිවනු ඇත. එසේම ඔවුන් සාමුහිකව එකතුවී දිගු වේලාවක් ආහාරපාන ගැනීම සාමාන්‍ය සිරිතකි. දේශීය කෑම වට්ටෝරු අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ ෂැංදොං, සීචුආන්, චර්චියෑන්, පූචියෑන්, අන්හුයි, හූනාන් හා ගුවන්දොං සූප ශාස්ත්‍ර වර්ගයි.

කෑම අනුභවයේදී දිගු කෝටු භාවිතය සෑම අවස්ථාවකදීම දැකගත හැක. එහෙත් කලාත්මක එවැනි කෝටු යුගලක් යුවාන් 5 හෝ 10 ක් වනු ඇත. සාමාන්‍ය චොප්ස්ටික් යුගලක් යුවාන් දෙකකි. එකී සම්ප්‍රදායට ආහාර ගැනීමට ඔවුන් හුරුපුරුදුව ඇත්තේ අතීතයේ සිටම චීන වැසියන් එළවළු බහුල ආහාර අනුභව කිරීම හේතුවෙනි. චීනයේ බහුතරයක් පෙදෙස්හි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන දැකිය හැක. විවිධ සම්භාහන ක්‍රම අනුව ඒවායෙහි සේවාව ලබා ගැනීමට ස්වකීය අභිමතය ප්‍රකාශකර නිශ්චිත වේලාවක් ඒ සදහා වෙන්කරගත යුතුවේ.

වර්ෂ 2003 දී ආරම්භකර වසර 2008 දි විවෘතකරන ලද බෙයිජින් ඔලිම්පික් ගම්මානය හා ඒ ආශ්‍රීත  ක්‍රීඩා සංකීර්ණය මෙන්ම ඔලිම්පික් ගිනි සිළුව, සුප්‍රසිද්ධ කුරළු කූඩු ක්‍රීඩා සංකීර්ණය, සබන් බුබුළු මෙන් ඉදිකල පිහිනුම් තටාකය සහිත ජල ඝනකය හා ආශ්‍රීත පෙදෙස නැරඹීමට එක් දිනක් පමණ ගතවේ. දේශපාලනික ප්‍රයෝගයකින් හෝ ජාත්‍යයන්තරය රැවටීමේ ප්‍රයෝගයකින් තොරව සැබැවින්ම ඒවා චීන ජනතාවගේ පරිපූර්ණ ප්‍රයෝජනයට යොමුකර ඇත. චීනය පුරාම හා එහි පාලනය යටතේවූ  හොංකොන් හා මැකාවෝ දූපත් ආශ්‍රීතව රූපවාහිනී, ගුවන් විදුලි හා සිනමා සේවා  සියළ්ලම එරට රජය යටතේ දැඩි ස්වාරක්ෂක නීතිරීති අනුව විමර්ෂණය කෙරේ. මෙම තත්ත්වය මනා හික්මීමකින් යුතුව සංනිවේදන ක්‍රම පවත්වාගෙනයාමේ යහපත් ප්‍රවණතාවයකි.

ලොව පුරාම ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන තොටමුණ වෙළඳ නගරය ෂැන්හයි බව ඔබ අසා ඇතැයි සිතමි. බෙයිජින් සිට අධිවේගී දුම්රියෙන් පැයට කිලෝමීටර 360 ක පමණ වේගයෙන් ගමන්කර පැය 05 කින් ෂැංහයි වෙත ළගාවිය හැක. ගමන් මාර්ගයේ පසුකරයන සෑම නැවතුමකට අදාල වන නගරයේ එම අවස්ථාවේ බලපවත්වන කාලගුණික තත්වය මෙන්ම දුම්රිය මැදිරිය තුල උෂ්ණත්වය හා වේලාවද එහි ඩිජිටල් තිරයක ඉංගීසි බසින් දර්ශණය කෙරේ. එයට අමතරව එය චීන භාෂාවෙන් විකාශනය කරයි.

ඔබ පසුකර යන ප්‍රදේශ දෙස විමසිලිමත් වුවහොත් සුවිශාල කුඹුරු යායවල් හා බඩ ඉරිගු යායවල් දැකගත හැක. එමෙන්ම සූර්ය බලශක්තිය පරිහරණය කරන විශාල නිවාස සංකිර්ණ හා කාර්මික ජනපද දැකිය හැක. ගංගා ආශ්‍රීතව නවින බත්තල් ඇසුරෙන් ගොඩනැගිළි ඉදිකිරීම් සදහා අවශ්‍යය අමු ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ආකාරයද දැකිය හැක. එසේම නවීන තාක්ෂණය අනුව එම ගංගා හරහා ඉදිකරන ලද දර්ශණීය සුවිසල් පාලම් දැක ගත හැක.

ෂැංහයි නාගරික පෙදෙසට ඇතුළුවීමට පෙරම දැකගත හැක්කේ අහස්කුස සිඹින Oriental Pearl Tower ගුවන් විදුලි හා රූපවාහිනී සංනිවේදන කුළුණයි. උසින් ලෝකයේ 05 වන තැන ගන්නා මෙහි බිම් මහලේ විශාල පිරිසකට එකවර ගැවසිය හැකි විවෘත පෙදෙසට අමතරව වෙළද ව්‍යාපාරික ආයතන රැසක් පිහිටුවා ඇත.

fuu කුළුණේ  මීටර 78 සිට 98  w;r ගෝලාකාර පරිශ්‍රhlao  මීටර 259 සිට 267 w;r ගෝලාකාර පරිශ්‍රhla yd මීටර 345 සිට 351 ගෝලාකාර පරිශ්‍රhla jYfhka  විශාලත්වය අkqව පරිමා තුනකින් යුතු ගෝලාකාර පරිශ්‍ර තුනකි. මහල් 15 ක isg wjg  ප්‍රfoaYh නිරීක්ෂණh lsrSug පහසුකම් සළසා ඇත. පළමු ගෝලාකාර පරිශ්‍රයේ විනෝදාස්වාදජනක ගමනකට රෝලර් කොස්ටරයක්, 5D සිනමා පහසුකම් හා විවිධාකාර ක්‍රීඩා පහසුකම් සදහා යොමුවිය හැක. දෙවන  ගෝල පරිශ්‍රයේ අගළ් 1.5 ක ඝනකමැති නිරාපද විනිවිද පෙනෙන විදුරු භාවිතාකර සැකසූ ලොව එකම හා ප්‍රථමවරට තැනූ 3600නිරීක්ෂණාගාරයකි. එසේම මීටර 263 සිට 267 දක්වා ගුවනේ සිට අසිරිමත් අත් දැකීමක් ලබාගත හැකි සුවිශේෂී සිවිල් ඉංජිනේරු නිර්මාණයක් වන Revolving Restaurant කරකැවෙන භෝජනාගාරයකි. බහුතරයක් නරඹන්නන් ගමන්කරනුයේ මේ දක්වා පමණි. ඉන් ඉහළට යොමුව ඇත්තේ Space Capsule යයි. එහි සිට මුළු මහත් ෂැංහයි පුරවරයම නැරඹිය හැක.

උසින් මීටර 351 සිට 410 දක්වා ගුවනට යොමුව ඇත්තේ ගුවන් විදුලි හා රූපවාහිනී සංනිවේදන කුළුණයි. පළමු ගෝලයේ සිට දෙවැනි ගෝලය දක්වාත් දෙවැනි ගෝලයේ සිට තෙවැනි ගෝලය දක්වාත් ගමන් කිරීමට අධිවේගී Capsule සෝපාන පහසුකම් සපයා ඇත. එම සෝපානයක් තුල එකවර වැඩිහිටියන් විසි දෙනෙකුට පමණ පහසුවෙන් ගමන්කළ හැක.මෙම කුළුණේ බිම් මහලට ප්‍රවිශ්ඨවීමේදීම ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු අතර ඇතුලත ඇති අනෙකුත් පහසුකම් භුක්තිවිදීමට වෙන වෙනම මුදල් ගෙවිය යුතුවේ. මෙම කුළුණු පරිශ්‍රයට ඇතුළුවීමේදී සැම කෙනෙකුම නිරෝධායනයට භාජනය කරයි.

රටතුල පිහිටි සෑම නගරයකම දැකිය හැක්කේ දෛනිකව රථවාහන විශාල ප්‍රමාණයක් ධාවනය කෙරෙන ආකාරයයි. එසේ වුවද එකී රථවාහන වෙතින් නැගෙන දුමක් නම් නොමැත. මාර්ගස්ථ තදබදයක් ඇති වුවද නලා ශබ්ධ කිරීමක් ඇසීමට නොමැත. රියදුරන් තුල ඇති ස්වයං හික්මීම එවන් බාධක අවමකර ගැනීමට හේතුවී ඇත. බොහොමයක් නගරබදව ස්ථාපිතකර ඇති වර්ණ සංඥා කෙරෙහි දක්වන අවධානය මෙන්ම ආරක්ෂක කැමරා පද්ධති තුලින් විසිහතර පැය පුරාම ක්‍රියාත්මක වන මාර්ග පරීක්ෂාවද එයට අතිරේක හේතුවකි.

සාමාන්‍ය මහජනතාවහට මගී බස්රථ පහසුකම් මෙන්ම සැපපහසු කුලී කාර් සේවාවන්ද සුලබව ක්‍රියාත්මකවේ. සෑම මහල් නිවාස යෝජනාක්‍රමයක් ආශ්‍රීතව ක්‍රීඩා හා ව්‍යායාම් පරිශ්‍ර මෙන්ම පෙර පාසැල් දැකිය හැක. දෛනිකව පස්වරු 5.30න් පසුව වැඩිහිටි පුරවැසියන් මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී තරුණ පිරිස් ද සංගීත රිද්මයානුකූල ව්‍යායාම්හි නිරතවීම සෞඛ්‍යසම්පන්න බව රැකගැනිම කෙරෙහි චීන වැසියන් දක්වන උනන්දුව විදහාපායි. (චීනයේ දී ලත් අත්දැකීම් මත ලියමි)

එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ