ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා

ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා
Spread the love

ගල්නෑව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් වැටකොළුවාගම  ගම්මානේ ජන දුක පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් පසුව එම් ගම්මානයේ අසරණ පවුල් හයකට ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවාස භාරදීම ඊයේ (13) දින සිදුකෙරිණි.

මෙම ගම් ගම්මානයේ  ජනතාව වසර ගණනාවක් තිස්සේ මූලික පහසුකම් නොමැති වීම නිසා දැඩි අසරණව සිටින බවට ජනමාධ්‍ය මගින් හෙළිදරව් කිරීම්ත් සමඟ නෙදර්ලන්තයේ හා ශ්‍රී ලංකා පිරිසක්  විසින් පවත්වාගෙන යන පිකාස්පෝන්  පදනමේ නිවාස  ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මානයේ නිවාස නොමැති පවුල් තිහකට නිවාස ඉදි කිරීම ආරම්භ කෙරිණි.

ඒ අනුව මීට පෙර අංග සම්පූර්ණව නිමකළ නිවාස 07ක්  ජනතාවට ලබා දුන් අතර තවත් නිවාස හයක් ජනතාවට අතරට ලබාදීම් නෙදර්ලන්ත ජාතික පීටර් වැන්ඩර් මහතා, පිකස්පොන් පදනම ශ්‍ර  ලංකා නියෝජිතවරිය වන ශාමනි  පානබොක්කේ  ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස භාරදීම සිදු කෙරිණි.

අංගසම්පූර්ණ නිවාස ඉදිකිරීම් සඳහා ගාල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකරන කණ්ඩායම්කට ලබා දී එම පිරිස ගල්නෑව වැටකොළුවාගම ගම්මානයේ රැඳී සිටිමින් මෙම නිවාස ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිදු කළ බව පිකස්පොන්  පදනම කියයි.

මෙම වැටකොළුවාගම ගම්මානේ ජනතාව අහස් දියෙන් ගොවිතැන් බත් කරගෙන දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බවත් උග්‍ර ආහාර හිඟයකට ලක්ව සිටින බවද බොහෝ දෙනාට නිවසක් නොමැති වීම නිසා එක කුඩා නිවෙස් වල පවුල් කිහිපයක් ජීවත්වන බව පසුගිය කාලයේ ජනමාධ්‍ය හරහා හෙළිදරව් කෙරිණි.

නෙදර්ලන්තයේ සිට නිවාස භාර කිරීම් සඳහා  මෙරටට පැමිණි  පිටර් වැන්ඩර් මහතා  මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ පැවසීය

“වසර ගණනාවක් ඉඳලා මම ලංකාවට එනවා, ඒ වගේම ලංකාවට  ආදරය කරනවා ලංකාවේ මිනිස්සු හරිම සුන්දරයි. ඒ නිසාත් තමයි මම ලංකාවේ අසරණ පවුල් වලට  දරුවන්ට උදව් කරන්නේ. මම ලංකාවට උදව් කරන්න  ඇවිල්ලා  නෙදර්ලන්තයෙන් මට ලැබෙන විශ්‍රාම වැටුප පවා අඩු වෙලා තියෙනවා මම ගොඩක් කැපකිරීම් කළා ලංකාවේ ජනතාවට”

“මම ලංකාවෙ ගෙවල් නැති අසරණ පවුල්  හාරසීයකට  පමණ දැන් නිවාස හදලා ඉවර කරලා තියෙනවා. ඒ ජනතාවට  භාර කරලා තියනවා. ඒ වගේම පාසල් රැසක් ඉදි  කරල දීලා තියනවා තවත් විශාල සේවාවන් ඉටුකළා.”

‘වැටකොළුවාව    ගම්මානය  පිළිබඳව  මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාගේ ප්‍රවෘත්තිය අපේ  පදනම දැකලා තිබුණා. ඒ අනුව ඒ පුවත අපි දැක්කා මම කාංචනත් එක්ක  මේ ගම බලන්න ඇවිල්ලා මම තීරණය කළා මේ ගමේ පවුල් තිහකට නිවාස හදලා දෙන්න. ඒ අනුව තමයි දැන් නිවාස 13ක වැඩ ඉවර කළේ. කොරෝනා වසංගතය ආවේ නැත්නම් අපට මේවා කලින්ම හදලා දෙන්න තිබුණා. ඒත් මුළු ලෝකයම කොරොනා වලින් ආපස්සට ගියා නේ.”

“අපි ඉදිරියටත්  නෙදර්ලන්ත  ජනතාවත් එක්ක එකතු වෙලා ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. මට දැන් වයස  අවුරුදු 70 ක් වෙනවා පුළුවන් තරම් මම ලංකාවේ ජනතාවට වැඩ කරනවා.”

මාධ්‍යවේදියෙක් හැටියට කාංචන කුමාර ආරියදාස මහතාගේ හෙළිදරව් කිරීම් රැසකට  මම උදව් කළා. ගලේවෙල පැත්තේ විශාල පාසලකුත් හැදුවා. ඒ වගේම අසරණ මිනිස්සු රැසකට අපට ඒ මාධ්‍ය වාර්තා නිසා පිහිට වෙන්න  හැකියාව ලැබුණා. අපේ  නෙදර්ලන්ත  ජනතාවගෙත්  පිකාස්පෝන්  පදනමෙ  ස්තූතියි අපි පුදකර සිටිනවා.”

මෙම ගම්මානයේ ජනතාව කියා සිටියේ තම ප්‍රදේශයට ජනමාධ්‍ය වේදීන් පැමිණීම නිසා විශාල සහනාධාර ලැබුණු බවය. නිවාස ලැබුණු සතුට නිසා එම ගම්මානයේ බොහෝ දෙනෙක් ඉතා සංවේදී වූ අතර නෙදර්ලන්තයේ සිට පැමිණි පීටර් වැන්ඩර් මහතා එම පිරිස සනසලන්නට ද විය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල