ජනපති ගෝඨා ලෝක පොරක් කරන්න ගිය ‘කිංස්ලිගේ සිරස නැති කතාව’ අතේ පත්තු වෙයි !

ජනපති ගෝඨා ලෝක පොරක් කරන්න ගිය ‘කිංස්ලිගේ සිරස නැති කතාව’ අතේ පත්තු වෙයි !
Spread the love

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් ඊයේ (10) ජනමාධ්‍ය වෙත යොමු කළ ප්‍රකාශය ජනමාධ්‍ය තුළ, සමාජමාධ්‍ය තුළ මෙන්ම ජනතාව අතර ද මහත් ආන්දෝලනයටත් උපහාසයටත් ලක්ව තිබෙනවා.

ඊට හේතු වන්නේ කිංස්ලි රත්නායක මහතා විසින් නිකුත් කළ ප්‍රකාශයේ සදහන් ‘‘ මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුනේ නැහැ. කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOm තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම  සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා‘ යන්නයි.

මේ ප්‍රකාශ නිකුත් වූ වහාම ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීමක් කිරීමට ‘ඩේලි මිරර්‘ පුවත්පත පියවර ගෙන තිබුණා. එහිදී ඩේලි මිරර් ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයා සදහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුගත කිරීම (EUL) සාමාන්‍යයෙන් නිම කිරීමට මාස දෙක තුනක කාලයක් ගත වන බවයි. එන්නත් නිෂ්පාදකයින් විසින් ඉදිරිපත් කරන ලද දත්තවල ගුණාත්මකභාවය පදනම්වූ සාධක සහ පූර්ව සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන බැවින් ඒ සඳහා වැඩි කාලයක් ගත වන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ඔවුන්ගේ රෙගුලාසි හා නීතිවලට අනුකූලව ඕනෑම සෞඛ්‍ය නිෂ්පාදනයක් සඳහා හදිසි භාවිතයට අවසර ලබා දීමට එය නිෂ්පාදනය කරනු ලබන රටවල්වලට ස්වයං පාලනයක් ඇති බවයි. “දේශීය හදිසි භාවිතයට අවසර ලබා දී ඇත්තේ රටවල්වල අභිමතය පරිදි වන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට යටත් නොවේ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඩේලි මිරර් වෙත ලබා දී ඇති පිළිතුරෙහි සඳහන් වෙනවා.