ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා මෙන්න..!

ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා මෙන්න..!
Spread the love

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිත රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍ය වෙතට අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

‘රනිල් වික්‍රමසිංහ සර් ව පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර් යයෙන් වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමා මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි.