”අපි සූදානම්, ඔබ සූදානම් ද” තේමාව යටතේ තෙදිනක් පුරා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය වුන් කදවුරේ, සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි.
දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංග වලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන තරුණ කදවුරු මාලාවේ පළමුවැන්න ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් තුන්දහසකගේ පමණ සහභාගිත්වයෙන් මෙම තරුණ කදවුර පැවැත්විණි.
තරුණ කදවුරට සමගාමීව එහි සිට ජනාධිපති මාධ්‍ය අංශය මගින් විසුරුවා හරින ලද ”සරු” ගුවන් විදුලියේ ද ජනාධිපතිතුමා නිරික්ෂණ චාරිකාවක නිරත විය.
දින තුනක් පුරාවට ජනාධිපතිතුමන් පැමිණ සිටි තරුණ තරුණියන් සමඟ එක්ව සිටි අයුරු දැක්වෙන විශේෂ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.