ජනපති සිංගප්පූරුව බලා පිටත්ව යයි

ජනපති සිංගප්පූරුව බලා පිටත්ව යයි
Spread the love

පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

ජනපතිවරයා ඇතුළු පිරිස අද අලුයම 01.00ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ – 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු බලා පිටත්ව ගොස් ඇති අතර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ජනපතිවරයා වෛද්‍ය පරීක්ෂණයක් සදහා විදේශගත වූ බවයි.

මේ අතර ජනාධිපති මාධ්‍ය ප්‍රකාශ කිංස්ලි රත්නායක මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ පෞද්ගලික කාරණාවක් හේතුවෙන් ජනාධිපතිවරයා කෙටි දිනකට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් ජනාධිපතිවරයා නැවත පැමිණෙන දිනය පිළිබඳව ආරක්ෂක හේතු මත ප්‍රකාශ කළ නොහැකි බවයි.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද රත්නායක මහතා පවසා ඇත.

ඉහත ඡායාරූපය මෙම වාර්තාවට අදාළ නැත – සංස්කාරක