ජීවන වියදම් දීමනාව ගැන කැබිනට් මණ්ඩලය ගත් ‘සතුටුදායක’ තීන්දුව

ජීවන වියදම් දීමනාව ගැන කැබිනට් මණ්ඩලය ගත් ‘සතුටුදායක’ තීන්දුව
Spread the love

2025 පාදක වසර ලෙස සළකා ජීවන වියදම් දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැලපීම් හා මේ වනවිටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට සියලුම රජයේ සේවකයන් සඳහා සෑම වසර 03 කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25000ක් ගෙවීමට මුදල්, ජාතික ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද ( 13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප සියයට 24ක අවම ප්‍රතිශතයකින් වැඩි කොට, ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් 55,000ක් ලෙස ගෙන අනෙකුත් තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැලපීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ව්‍යාපරික , රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.