‘ඩෙල්ටාවලට එරෙහිව‘ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා 95%ක් සාර්ථක බව තහවුරු වෙයි

‘ඩෙල්ටාවලට එරෙහිව‘ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා 95%ක් සාර්ථක බව තහවුරු වෙයි
Spread the love

මෙරට හඳුනාගෙන ඇති ‘ඩෙල්ටා’ ප්‍රභේද පාලනය කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත 95% ක්ම සාර්ථක වූ බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා පැවසීය.

මාස 4ක් පුරාවට සිදු කළ සායනික පරීක්‍ෂණයකින් පසුව මෙය තහවුරු වූ බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා, ‘‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු හා දෙවන මාත්‍රාවන් මෙම ප්‍රතිශක්තිකරණය වැඩි කරන අතර කොවිඩ් ආසාදනය පාලනය කරන බව අපි මාස හතරක් පුරා සිදුකළ සායනික පරීක්ෂණවලින් තහවුරු කර ගත්තා. එන්නත ලබා දී මාස දෙකකට පසු ශරීරයේ ප්‍රතිදේහ වර්‍ධනය වෙමින් පවතින බව පරීක්‍ෂණවලින් හෙළිවුණා. එම නිසා COVISHIELD එන්නත මෙරට ජනතාවට ලබා දීම ඉතාමත් සුදුසු යි.

‘‘මෙම පරීක්ෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව, කොළඹ ජාතික රෝහලේ සහ දකුණු දකුණු ශික්ෂණ රෝහලේ විශේෂඥයින් සහ තවත් කිහිප දෙනෙක් සහභාගී වුණා. කෙසේ වෙතත්, චීන නිෂ්පාදිත සිනොෆාම් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්- V එන්නත, ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පවතින නිසා ඒ ගැන කිසිවක් කීමට අපට හැකියාවක් නැහැ.

“ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත හිඟයක් හේතුවෙන් ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවාක්ස් වැඩසටහන යටතේ ජපානය විසින් එන්නත් මාත්‍රාවන් මිලියන 1.47 ක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා “යැයි ද ජාතික පර්යේෂණ සභාවේ සභාපතිවරයා පැවසීය.