ඩොලර් හිඟය නිසා ‘කිරි වීදුරුව නැතිවීමේ‘ අර්බුදය අතළඟ

ඩොලර් හිඟය නිසා ‘කිරි වීදුරුව නැතිවීමේ‘ අර්බුදය අතළඟ
Spread the love

ටයර්, විදුලි උපාංග, පොහොර, කෘෂි රසායන, ඖෂධ සහ ගෑස් හිඟය ට වඩා විශාල අසනහනයක් මතු කරමින් අගොස්තු මාසයේ කිරිපිටි/කිරි නිෂ්පාදන හිඟයක් මතු විය හැකි බව බහිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

ලංකාවේ එක් පුද්ගල කිරි පරිභෝජනය ලීටර් 35 කි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 2020 කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 414 කි.  ඒ අනුව අපේ රටේ නිෂ්පාදනය වන්නේ මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 30% ක් පමණී.  

2020 කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට රජය ඩොලර් මිලියන 333 ක් වැය කළේය. ආහාර වර්ග ඇතුළු ආනයනයන් රැසක් තහනම් කර ඇති නමුත් අද දක්වාම රජය නිල වශයෙන් කිරි ගෙන්වීම තහනම් නැත. නමුත් රටේ ප්‍රධාන කිරි පිටි ආනයන සමාගම්වලට ණයවර ලිපි විවෘත කිරීමේ අර්බුදයකට මුහුණ දී ඇත.

පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 250 ක් සපයා ගත නොහැකි නිසා කෘෂි කර්මාන්තයම අර්බුදයකට ලක්වී ඇත. ණයවර ලිපි විවෘත කිරිම සඳහා බැංකුවල ඩොලර් නොමැතිවීම හේතුවෙන් කිරි ආනයනය සීමා කිරීමට සිදුවේ.  ඩොලර් අර්බුදයෙන් හේතුවෙන් කිරි පිටි ආනයන 70% කින් පහත වැටීමට ඉඩ ඇත. කළු සල්ලි ඩොලර් හෝ නැති නම්, කිරි පිටි පෝලිමක්, හිඟයක් වැලැක්විය නොහැකිය.    

කිරි පිටි නැතිවීම පෝෂණ අවශ්‍යතාව පිරිමසා ගැනීමේ ප්‍රශ්නයක් පමණක් නොව ජනතාවගේ දිගු කාලීන ඇබ්බැහිකමක් සන්තර්පනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකි.