ත‍්‍රිවිල් මාෆියාව හාන්සියි..! මීටර් අනිවාර් යයි..! මගීන්ටත් ඇප් එකක්…!

ත‍්‍රිවිල් මාෆියාව හාන්සියි..! මීටර් අනිවාර් යයි..! මගීන්ටත් ඇප් එකක්…!
Spread the love

මගී ප්‍රවාහනයේ යෙදෙන තීරෝද රථ සඳහා මීටර් ක්‍රමය අනිවාර්ය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

මීටර් රථ නොමැති ත්‍රිරෝද රථ රියදුරන් විසින් අසාධාරණ ලෙස කුලී ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පියවර ගනී.

ඇතැම් ත‍්‍රිරෝද රථ විසින් කිලෝ මීටරයකටත් අඩු දුරක් සඳහා යාමට රුපියල් 300 ලබාගත් අවස්ථා රැසක් පිළිබඳ පැමිණිලි ලැබී ඇත.

ඒ අනුව ‍මගී ප්‍රවාහනය සඳහා ලියාපදිංචි වී සිටින සියලු ත‍්‍රිරෝද ඉදිරියේදී මීටර් ක්‍රමයකට අනුගත කරවීමට සඳහා දැනටමත් සැලසුම් සකස් කරමින් ඇත.

ඒ හරහා රට පුරාම කිලෝමීටරයක් සඳහා සමාන්තර ගාස්තුවක් අය කිරීමට නියමිතය.

මේ වන විට පෙට්‍රල් ලීටරයක් රුපියල් 365කට අලේ වෙද්දී ත්‍රී රෝද රථයක් කිලෝ මීටරයක් සඳහා රුපියල් 300ක මුදලක් අය කිරීම අසාධාරණ බවද ප‍්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.