‘දුම්පානය කරන්නන්ට‘ කොවිඩ් අවදානම මාරාන්තිකයි – පර්යේෂණ මගින් තහවුරුයි !

‘දුම්පානය කරන්නන්ට‘ කොවිඩ් අවදානම මාරාන්තිකයි – පර්යේෂණ මගින් තහවුරුයි !
Spread the love

දුම්පානය කරන හා අක්‍රිය දුම්පානය කරන පුද්ගලයින්ට කොවිඩ්-19 නිසා ඇති වන සංකූලතා සහ මිය යාමේ හැකියාව ඉහළ බව රටවල් 16ක සිදුකරන ලද ප්‍රජා මූලික පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ අධ්‍යයන හා පර්යේෂණ කමිටුව කියයි.

අදාළ පර්යේෂණය පදනම් කර ගනිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් (18දා) එම කමිටුව අවධාරණය කරන්නේ කොවිඩ් ආසාදිත පුද්ගලයින්, නිරෝධායනයට ලක්ව සිටින අය හා  කොවිඩ් නිවාරණ ඉදිරිපෙළ කණ්ඩායම් දුම් පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය (අක්‍රීය දුම් පානයෙන්) වීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බවයි.

අදාළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

පසුගිය වසර එකහමාරක කාලය තුළ විදෙස් රටවල සිදුකරනු ලබන  ප්‍රජා මූලික පර්යේෂණ 16ක් විශ්ලේශණය කිරීමෙන් පසු ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ අධ්‍යයන හා පර්යේෂණ කමිටුව  විසින් පහත සඳහන්  ප්‍රතිඵල නිකුත් කර ඇත.

ඒ අනුව අක්‍රීය දුම්පානය , සක්‍රීය දුම්පානය හා කොවිඩ් -19 අතර ඇති සබඳතාව හා සංකූලතා පිළිබඳ  ප්‍රධාන කරුණු 06 ක් ඔස්සේ එම පර්යේෂණ ප්‍රතිඵල විස්තර විස්තර කළ හැකිය.

  1. දුම් පානය කරන්නන් හා  සිගරට් දුමට නිරාවරණය  වන්නන් (අක්‍රීය දුම් පානය සිදුකරන පුද්ගලයින්)ගේ  පෙනහළු රෝගී වීම් නිසා දුම් පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයින්ට සාපේක්ෂව කොවිඩ් -19 නිසා ඇතිවන සංකූලතා වැඩිය . එසේම රෝගය වැලදුනහොත් මියයාමේ හැකියාව වැඩිය.
  2. දුම් පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයින්ට සාපේක්ෂව දුම් පානය කරන්නන් හා  සිගරට් දුමට නිරාවරණය  වන්නන්ට (අක්‍රීය දුම් පානය සිදුකරන පුද්ගලයින්) කොවිඩ් -19 වැලදුනු විට ඇතිවන සංකූලතා වල තීව්‍රතාවය වැඩිය.
  3. දුම් පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයින්ට සාපේක්ෂව දුම් පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය  වන්නන් (අක්‍රීය දුම් පානය සිදුකරන පුද්ගලයින්) මගින්  කොවිඩ් -19 රෝගය ව්‍යාප්ත වීම සීග්‍රව සිදුවේ.

මහජනතාවගේ හා රජය ඇතුළු  සියලු පාර්ශවයන්ගේ ක්ෂණික අවධානයට ලක් විය යුතු මේ පර්‍යේෂණය අවසානයේ පහත සදහන් නිර්දේශ පර්යේෂක කණ්ඩායම විසින් කරනු ලැබේ.

  1. අවම වශයෙන් කොවිඩ් -19 වසංගතය පහව යන තුරු සියලුදෙනා  දුම් පානයෙන් හා සිගරට් දුමට වීමෙන් වැලකීම අත්‍යවශ්‍යය. එමගින් රෝගය ව්‍යාප්ත වීම අඩුකර ගැනීමට මෙන්ම රෝගය නිසා දරුණු සංකූලතා ඇතිවීම වලක්වා ගත හැකිය.
  2. කොවිඩ් ආසාදිත පුද්ගලයින් , නිරෝධායනයට ලක්ව සිටින අය හා  කොවිඩ් නිවාරණ ඉදිරිපෙළ කණ්ඩායම් දුම් පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය (අක්‍රීය දුම් පානයෙන්) වීමෙන් වැලකීම අත්‍යවශ්‍යය.
  3. නිරෝධායනයට ලක්වූ නිවෙස්වල අයවලුන් හා ආශ්‍රිතයින් දුම් පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය  වීමෙන් (අක්‍රීය දුම් පානයෙන්) වැලකීම අත්‍යවශ්‍යය.