දුමින්ද සිල්වාට ජනපති ගෝඨාගෙන් ‘ජනපති සමාව‘

දුමින්ද සිල්වාට ජනපති ගෝඨාගෙන් ‘ජනපති සමාව‘
Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති සමාව ලැබීමෙන් පසු දුමින්ද සිල්වා අද වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය. අද (24) පෙරවරු 10ට පමණ දුමින්ද සිල්වාව වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කළ බව බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක තහවුරු කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ප්‍රේමචන්ද්‍ර ඝතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින් වැරදිකරු වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට 2016 සිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය