දුමින්ද සිල්වාට ‘ජනාධිපති සමාව‘ දීම අනුමත කළ නොහැකි බව ඇමෙරිකාව අවධාරණය කරයි

දුමින්ද සිල්වාට ‘ජනාධිපති සමාව‘ දීම අනුමත කළ නොහැකි බව ඇමෙරිකාව අවධාරණය කරයි
Spread the love

මරණ දඩුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව ලබාදීම මගින් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් Alaina B Teplitzමහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව දීම අනුමත කළ හැකි බවත් තානාපතිනිය සිය ට්විටර් පණිවුඩය මගින් වැඩි දුරටත් සදහන් කරනවා.



ජනාධිපතිවරයාගේ මෙම තීරණය ප්‍රශ්න කරමින් අද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ අතර සමාජ මාධ්‍ය තුළ මෙම තීරණය දැඩිව විවේචනය වෙමින් තිබෙනවා