දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදයකට ඇමෙරිකාව සහ ඉන්දියාව මුලපුරයි

දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදයකට ඇමෙරිකාව සහ ඉන්දියාව මුලපුරයි
Spread the love

දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්ති න්‍යාය පත්‍රය 2030 – ඉන්දු ඇමරිකා  ද්විපාර්ශික හවුල්කාරිත්වය යටතේ මෙය සංවාදයට ගැණින.

ඉන්දීය පරිසර, වනාන්තර හා දේශගුණික කටයුතු අමාත්‍ය භූපේන්දර් යාදව් සහ දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී නවදිල්ලි නුවරදී මේ පිළිබඳ සාකච්ඡාවට ගැණින.

දේශගුණික විපර්යාස හා  මූල්‍ය  සවිබලකරණ සංවාදය යනු දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්ති 2030 න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාර්ග දෙකෙන් එකකි. අනෙක් ප්‍රධාන මාර්ගය නම් උපායමාර්ගික පුනර්ජනනීය බලශක්ති හවුල්කාරිත්වය යි. 2021 අප්‍රේල් මාසයේදී එක්සත් ජනපදයේ පැවති දේශගුණය පිළිබඳ නායකයින්ගේ සමුළුවේදී මෙම උපායමාර්ගික පුනර්ජනනීය බලශක්ති හවුල්කාරිත්වය පිළිබඳව  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින් නිවේදනය කරන ලදී.

ආර්ථික සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්තියට සමගාමීව ඉදිරියට යා හැකි බවත් මෙම කාර්යයේදී ඉන්දියාවේ නායකත්ව භූමිකාව එක්සත් ජනපද දේශගුණික නියෝජිතයා පැසසීමට  ලක්කළ අතර හදිසි ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් බව .India News Network වාර්තා කරයි.

උත්සව සභාව අවසන් වීමෙන් පසු නිකුත් කළ නිල පුවත්පත් නිවේදනය අනුව ඉන්දියාව සහ ඇමරිකාව පුනර්ජනනීය බලශක්තිය වේගයෙන් යෙදවීම සඳහා ක්‍රියා කරන බව දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී  වැඩිදුරටත් අවධාරණය කළේය.

2030 වන විට ගිගාවොට් 450ක පුනර්ජනනීය බලශක්තිය සාක්‍ෂාත් කර ගැනීමේ ඉලක්කයක් තැබීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ප්‍රශංසා කළ ඇමරිකානු විශේෂ නියෝජිතයා, දැනටමත් ගිගාවොට් 100 ක ඉලක්කයක් සපුරා තිබීම පිළිබඳව ඉන්දියාවට සුබ පැතුවේය.

මෙම සංවාදය දේශගුණය සහ පරිසරය පිළිබඳ ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරනවා පමණක් නොව, ජාතික සහ තිරසාර සංවර්ධන ප්‍රමුඛතාවයන් සැලකිල්ලට ගනිමින් ලෝකයට වේගවත් දේශගුණික ක්‍රියාදාමයන් හා ප්‍රත්‍යක්‍ෂම ආර්ථික සංවර්‍ධනයකින් පෙළගස්වන්නේ කෙසේද යන්න නිරූපණය කිරීමට ද උපකාරී වනු ඇතැයි අමාත්‍ය යාදව් පැවසීය.

“ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වටිනාකම් හර පද්ධතීන් සමඟ ස්වාභාවික හවුල්කරුවන් වන අතර අපගේ න්‍යාය පත්‍රය තුළ රැකවරණය, ආරක්‍ෂාව, බලශක්ති, තාක්‍ෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ඇතුළු අපගේ මූලෝපායික ප්‍රමුඛතාවන්හි ප්‍රධාන කුළුණු ඇතුළත් වේ,”ඉන්දීය පරිසර අමාත්‍යාංශය..

කෝප්26, දේශගුණ අභිලාෂය, දේශගුණික මුදල්, ජාත්‍යන්තර සූර්යබල සන්ධානය ඇතුළු ගෝලීය දේශගුණික මූලාරම්භයන්, දේශගුණය සඳහා කෘෂිකාර්මික නවෝත්පාදන මෙහෙයුම් සම්බන්ධ පුළුල් දේශගුණික ගැටලු පිළිබඳව ද්විපාර්ශවික හමුවකින් අනතුරුව දෙපාර්ශවයම දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී මෙම තනතුරට පත්වීමෙන් පසු නවදිල්ලියේ සිදු කෙරෙනු දෙවන සංචාරය මෙය වේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය පැවැත්වෙන 26 වන පාර්ශවයන්ගේ සමුළුව (COP26) ට පෙර දේශගුණික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපද අඩිතාලම යෙදීමේ පියවරක් ලෙස මෙම සංචාරය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විස්තර කර ඇත